ජනප්‍රිය සුන්දර නිළිය පබෝදාට කොයි කවුරුත් ආදරෙයි...
ඇගේ ජිවිතේ විස්තර දැනගන්න ඔයාලත් කැමති ඇති නේද?
කවදාත් රසික ආදරය හුගාක් ලැබෙන පබෝදා සංදීපනී ගැන ඇසෙන අලුත් ආරංචියක් තමයි මේ.. බිමල් ජයකොඩි එක්ක අලුත් ටෙලි නාට්‍යයක වැඩ කරන්න ඔන්න පබෝදාට අවස්ථාව ලැබිලා.. ඒ ලැබුණු එක ගැන ඇය ඉන්නේ හරිම සතුටින්..
ඒ විතරක් නෙමේ පබෝදා මේ දවස්වල චිත්‍රපටයකත් වැඩ පටන් අරන් නිසා චුට්ටක් විතර කාර්යබහුලයිලු.. මොනතරම් කාර්යබහුල වුණත් පබෝදාගේ ජිවිතේ මුල්තැන නම් හිමිවෙන්නේ එයගේ පුතාට..
එයාට දැන් අවුරුදු 11ක් , පබෝදාගේ පුංචි පුතාත් අම්මා වගේම කලාවට හරි දක්ශයි ලු.. එයා හුගාක්ම කැමති සංගීතයට කියලා තමයි පබෝදා නම් කියන්නේ... මුළු පවුලම කලාවට දක්ශ නිසා පොඩ්ඩාගේ හපන්කම් ගැන කොහොමත් සැකයක් නැහැ නේ.. ඉතින් ඔන්න ඇය පවුලේ විස්තර ගැන මෙන්න මේ විදිහට තාමයි සති අන්ත පුවත්පතකට කියලා තිබුණේ..
පබෝදා මේ දවස්වල ගොඩක් කාර්යබහුල වෙලා නේද?
ඔව්. මේ දවස්වල අලුත් චිත්‍රපටයකට සම්බන්ධ වෙලා ඉන්නවා. ටෙලි නිර්මාණයක් පහුගිය දවස්වල විකාශය ඇරඹුණා. අපේ බිමල් අයියත් එක්ක තවත් අලුත් ටෙලි නිර්මාණයකට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒකෙ වැඩත් මේ දවස්වල කෙරෙනවා.
පබෝදා සංදීපනී කියන්නේ ගුවන්විදුලියේ ළමා පිටිය හරහා කලාවට දායාද වුණු තරුවක්?
මගේ පවුලම වගේ කලාවට සම්බන්ධයි. ඒ වුණත් මුලින්ම මං ගුවන්විදුලියේ ළමාපිටියේ ළමා ශිල්පිනියක් විදිහට කලාවට සම්බන්ධ වෙන්නේ ඔඩිෂන් ගිහින් ඒකෙන් තේරිලා. ඊට පස්සේ රූපවාහිනියේ හඬ කැවීම් පැත්තට සම්බන්ධ වුණා. ඔෂීන්ට හඬකැවීම තමයි මගේ ජීවිතේ සුවිශේෂී සන්ධිස්ථානයක් වුණේ. ඊට අමතරව කාටූන් සඳහා ගොඩක් දායක වෙලා තියෙනවා. රංගනය පැත්තෙන් ගත්තොත් මුලින්ම යශෝරාවය – 2 බලදේවගේ ලෝකය ටෙලි නිර්මාණයට සම්බන්ධ වුණේ ළමා නිළියක් විදිහට. ඊට පස්සේ ඒකාංගික නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වුණා. අවුරුදු 14දි තමයි ආදරය සම්බන්ධ වැඩිහිටි චරිතයකට සම්බන්ධ වුණේ. මාධවී කියන ඒකාංගික නත්තල් නාට්‍යයේ රංගනය වෙනුවෙන් සුමති ටෙලි සම්මාන උලෙළේ නැඟී එන නිළියට නිර්දේශ වුණා. මේ වෙද්දි සෑහෙන ටෙලි නාට්‍ය චිත්‍රපට සංඛ්‍යාවකට දායක වෙලා තියෙනවා. ආපහු හැරිල බලද්දි ගොඩක් සතුටු වෙන්න පුළුවන්.
ඔබට ගායන හැකියාවත් තියෙනවා නේද?
අපේ පවුලේ හැමෝටම වගේ ඒ හැකියාවත් තියෙනවා. වැඩසටහන්වලදි ගීත ගායනා කළාට මගේම කියලා ගීත නම් කරලා නෑ.
ඔබට ඉන්නෙ පුතෙක්. ඔහුත් කලාවට සම්බන්ධයි ද?
එයාට තාම අවුරුදු 11යි. එයා ගොඩක්ම කැමති සංගීතයට. එයාට හොඳට ගායනා කරන්න පුළුවන්. රංගනය පැත්තට නම් තාම කිසිම කැමැත්තක් නෑ. පස්සේ කොහොම වෙයිද කියන්න බෑ. මොකද අපේ පවුලේ බොහෝ දෙනෙක් රඟපාන්න හිතාගෙන ආපු අය නෙවෙයි. අහම්බෙන් යොමුකර ගත්ත අය. සමහර විට පුතත් පස්සේ කලාවට සම්බන්ධ වෙන්නත් ඉඩ තියෙනවා.
සිළුමිණ පුවත්පත ඇසුරෙන්..