අසල්වැසි නිවසේ සුරතලයට ඇති කළ සුනඛයාට වායු රයිෆලයකින් වෙඩි තබා මරා දැමූවේ යැයි කියන විශ්රාමික යුද හමුදා කපිතාන්වරයෙක් කඳාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සුනඛයාට වෙඩි තැබීමට යොදා ගත් බව කියන එම වායු රයිෆලය ද පොලිසිය බාරයට ගෙන ඇත.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කඳාන පොල්පිටි මුකලාන ප්රදේශයේ පදිංචි 55 හැවිරැදි කපිතාන්වරයෙකි.
විශ්රාමික යුද හමුදා සුනඛයාගේ අයිතිකරුවන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා මෙම විශ්රාමික යුද හමුදා කපිතාන්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සුනඛයා සැකකරුගේ නිවස ඉදිරිපිට මාර්ගයේ ලේ පෙරාගෙන වැටී සිටිය දී හමු වී ඇත.
මෙම සුනඛයා රෑට නිතර නිවෙස ඉදිරිපිට ඇති මාර්ගයට පැමිණ බුරන හෙයින් නිදා ගැනීමටවත් නොහැකි යැයි පවසමින් මෙසේ වෙඩි තබා මරා දමා ඇති බව විමර්ශන වලදී තොරතුරැ හෙළි වී යැයි පොලීසියේ නිලධාරියෙක් කීය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.