ප්‍රේමයත් වෛරයත් අතර කෙස් ගහක වෙනසක් කියමන සත්‍යක් කරමින් ඔවුන් දෙදෙනාගේ බහින් බස්වීම කෙළවර වෙන්නේ වෙනස්ම තැනකින්..
ඇය දැරණියගලගේ තරුශි සෙව්මිණි වයස අවුරුදු 19ක හිරිමල් යෞවනියක්...
පයාගල පහළගොඩැල්ල ප්‍රදේශයේ තමයි ඇය ජිවත් වුණ ඇය ඊයේ උදේ අවදිවෙද්දී මේ තමන් ජිවත් වෙන අන්තිම දවස කියලා තරුෂි හීනෙන්වත් හිතන්න නැතිව ඇති.. ඊයේ පස්වරුව වෙද්දී තරුෂි ඇගේ පෙම්වතා හමුවෙන්න ගියා..
ඊයේ පස්වරුවේ ඔවුන් දෙදෙනා මේ මුහුදුවෙරළට යන්න ඇත්තේ ගොඩක් සතුටෙන් කාලය ගෙවන්න වුණත්, ඇගේ ඉරණම වෙනස්ම විදිහකට විසඳිලා.. ඇගේ පෙම්වතා විසින් තරුෂිව මුහුදට තල්ලු කර ඇති අතර, ඔහු එසේ කර ඇත්තේ දෙදෙනා අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පසුයි..
කෙසේ වෙතත්, පෙම්වතියගේ හිස ගලක වැදීමෙන් මියගොස් ඇති බවට ලද තොරතුරක් මත පයාගල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.. මේ වන විට සැකකාර පෙම්වතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ..