මේ කියන්න යන්නෙ අවසානයේ ඇයට ආදරයක් නිසා අත්වුණු ඉරණමක් ගැනයි.. කාව්‍යා මේ යන එන අතරතුරදී ඇයට තරුණයෙක් මුණ ගැසුනා.. කඩවසම් තරුණයෙක් වුණ ඔහු තවත් ඈත ගමක තරුණයෙක්.. අලුතෙන් රැකියා ආරම්භ කර මේ දෙන්නා ජීවිතය ගැන හීන මැව්වේ අහස උසටයි.. ඒත් කාව්‍යාගේ ගෙදරය මේ ගැන කිව්වත් මව්පියන් ඊට කැමති වුණේ නැහැ..
කාව්‍යා මේ ගැන තරුණයාට දැනුම්දීමෙන් පසු තරුණයා යෝජනා කළේ “ අපි අම්මලාට හොරා බඳිමු..” කියායි... ඒ සඳහා දිනයක්ද නියම කෙරිණා... එම අදහසට එකඟ වූ තරුණිය, වියදමට මුදල් තම බැංකු ගිණුමෙන් ලබා ගැනීමටද තීරණය කළා...
එක් දිනක් නගරයේ බැංකුව වෙත ගිය තරුණිය සහ තරුණයා කාව්‍යාගේ බැංකු ගිණුමෙන් විශාල මුදලක් ලබා ගත්තා... මුදල් ගත් ඔවුන් රෙදිපිළි කඩයකට ගොස් තරුණියට අවශ්‍ය සාරි, ගවුම් රෙදි ආදි අවශ්‍ය දේ මිලට ගැනීමෙන් පසුව, ඉතිරි මුදල් ටික තරුණයාට දී ඇයට අවශ්‍ය රත්රන් බඩු මිලට ගන්නා ලෙස ඉල්ලා සිටියා..
නියම කරගත් දිනයට විවාහවීමේ අපේක්ෂාවෙන් පසු වූ තරුණියට, තම පෙම්වතා කලින් මෙන් ඇමැතුම් නොදී, හමු වීම මග හරිමින් කාලය ගෙවී යන අතරතුර නියම කරගත් විවාහවීමේ දිනයද පසුවී ගියා.. ඉතාම වේදනාවට පත්ව සිටින ඇයගේ නමට තැපෑලෙන්, ලියුමක් ලැබුණා.. එය තම පෙම්වතාගෙන් බව දැනගත් ඇය ලිපිය විවෘත කර බලා විමතියට පත්වුණා.. එහි තිබුණේ මෙන්න මෙහෙම කතාවක්..
“ආදර......., මම ඔයා සමග විවාහ වෙනවට දෙමාපියන් කැමැති නැහැනේ. මොකටද දෙමාපියන්ගෙ හිත රිද්දවන්නෙ. අර සල්ලිවලින් මම මගේ ඥාති නැගණියක විවාහ කරගන්නට කටයුතු කළා. මම ඇය සමග දැන් ජීවත් වෙනවා. ඔයාගෙ සල්ලි පුළුවන් දවසක මම ආපසු දෙන්නම්. කළ උදව්වට බොහොම ස්තුතියි ! මීට - ආදරෙන් සිටි ......."
ලිපිය කියවීමෙන් පසු මළානිකව ගිය තරුණිය තම කාමරයේ ඇඳට ගොස් වැටුනේ සිදුවූ කිසිවක් කිසිවෙකුට පවසන්නට බැරි නිසා කිව්වොත් හරි.. ඇය කඳුළු සලන්නට වුණා,.. තමන් මේ තරම් කාලයක් දුක්මහන්සියෙන් හම්බකරගත්ත හැම සතයක්ම අවසානයේ කාව්‍යාට අහිමි වුනා..