වලව් පැලැන්තියේ පුද්ගලයින් කාලය ගෙවන්නේ යම්තාක් දුරට සමාජයෙන් ඈත්වෙලා කිව්වොත් හරි..
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ හේතුවක් නිසා අහිමි වුණ ජීවිතයක් ගැන කතාවක්ද..?
එහෙමත් නැත්නම් මේ කතාව පිටුපස ඇත්තේ වෙනමම කතාවක්ද..? මේ කතාව ඇසෙන්නේ කෑගල්ල - බුළුරුප්ප ප්‍රදේශයෙන්..
නිදි ඇඳේදීම ඝාතනය කර සිටි කෑගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මෙන්ම කෑගල්ල බුළුරුප්ප කෙම්පිටිය වලව්වේ හිමිකරුගේ මරණයට හේතුව විවෘත තීන්දුවක් වශයෙන් ඊයේ ප්‍රකාශයට පත්වුණා..
කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුචිර නදීර විසින් පවත්වනු ලැබූ මෙම පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු එලෙස නිගමනය කළා.. අත්ගැට ගසා ඇඳ සිටි සරමෙන් ගෙල සිරකර කටේ ප්ලාස්ටර් ගසා නිදි ඇඳේදීම මෙලෙස ඝාතනය කර තිබුණේ විශ්‍රාමික ගණිත ගුරුවරයකු මෙන්ම කෑගල්ල ප්‍රාදේශීය සභාවේ පොදු පෙරමුණු හිටපු මන්ත්‍රීවරයකු වූ කෑගල්ල බුළුරුප්ප කෙම්පිටිය වලව්වේ හිමිකරු වන ක්‍රිෂාන්ත මාරපන නමැති 75 හැවිරිදි දෙදරු පියෙක්..
මිය ගොස් සිටි දෙදරු පියා එක්තැන්ව සිටි වයෝවෘද්ධ බිරිය සමඟ නිවසේ සිට ඇති බවත් ඔවුන්ගේ එකම පිරිමි දරුවා ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බවත් පොලිසිය පැවසුවා.. වලව්ව රැක බලා ගැනීමට සිටින අයගේ පිරිමි දරුවා පෙරේදා 8.15ට පමණ වලව්වට පැමිණ බලන අවස්ථාවේ දී හිමිකරු කාමරයක ඇඳක වැටී සිටින අයුරු හා කාන්තාව බිම වැටී සිටින අයුරු දැකීමෙන් මෙම සිද්ධිය අනාවරණය වී තිබුණා..
මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති අතර, කෑගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර රණසිංහ, උප පොලිස් පරීක්ෂක ලාල් ප්‍රියන්ත යන නිලධාරීහු පරීක්ෂණ පවත්වනවා..