මේ වගේ අවස්ථාවලදී පවා මිනිසුන් කටයුතු කරන්නේ වාසියට නම්, මේ ඇත්තටම වෙනස් කතාවක්.. පසුගිය දිනක දක්ෂිණ අධිවේගි මාර්ගයේදී සිදුවුණ තවත් බිහිසුණු අනතුරක් ගැන ඔබට මතක ඇති..
මාළු පැටවූ ලොරියක් දක්ෂිණ අධිවේගි මාර්ගයේදී සිමෙන්ති පැටවූ ලොරියක ගැටීමෙන් වූ අනතුරකින් පසු මාළු ලොරියේ තිබූ රුපියල් හත්ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු ඉස්සන් තොගයක් අතුරුදන්වීම සම්බන්ධයෙන් එම ලොරියේ රියැදුරු කහතුඩුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා...
තංගල්ල කුඩාවැල්ලේ පදිංචි මාළු ව්‍යාපාරිකයකු වන කේ. එච්.ආර්. කුමාර විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.. මීගමුවේ සිට මාළු පටවාගෙන තංගල්ල බලා ධාවනය කරමින් සිටි ලොරියක් ඉකුත් 25 වැනිදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබුණා... මාළු ලොරියට ඉදිරියෙන් ගමන්ගත් සිමෙන්ති පැටවූ ලොරියක ගැටීමෙන් අනතුර සිදුව තිබූ අතර අනතුරින් මාළු ලොරියට දැඩි හානි සිදුව තිබුණා...
මාළු ලොරියේ රියැදුරු තුවාල ලබා රෝහල්ගත කර තිබූ අතර ලොරියේ පටවා තිබූ ඉස්සන් තොගය ලොරියේ තට්ටුව තුළ සහ මාර්ගයේ විසිරී තිබී ඇති අතර, ලොරියේ රියැදුරුගේ සහෝදරයා ලොරියේ හිමිකරු වන අතර ඔහු අනතුර සිදුව තිබූ ස්ථානයට පැමිණෙන විට ලොරියේ තිබී ඇත්තේ ඉස්සන් කිලෝග්‍රෑම් දෙකක් පමණක් බව ඔවුන් පවසනවා.. ලොරියේ කැබින් එක තුළ තිබූ රුපියල් විසිදහසක්ද අතුරුදන්ව ඇතැයි රියැදුරු රජිත කුමාර පවසනවා..
ඉස්සන් තොගය අතුරුදන්ව තිබීම සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිල්ලක් සටහන් කර ඇත. රුපියල් හයලක්ෂ අනූදහස් තුන්සීයක් වටිනා ඉස්සන් කිලෝග්‍රෑම් තුන්සිය අනූවක් සහිත පෙට්ටි විස්සක් අනතුර සිදුවන විට ලොරියේ තිබී ඇති අතර, එහි විකුණුම් මිල රුපියල් හත්ලක්ෂ දසදහස් තුන්සීයක් බවට ගණන් බලා තිබුණා...
කෙසේ වෙතත් ලොරියේ රියැදුරු වූ රජිත කුමාර පවසන්නේ අධිවේගී මාර්ගයේදී වෙනත් වාහනවලට මග නැවැත්විය නොහැකි බැවින් දක්ෂිණ අධිවේගී මාර්ග සේවකයන් මේවා රැගෙන ගොස් ඇති බවට සැක කරන බවයි...