2024 අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එමෙන්ම ලබන වසරේ නියමිත දින ගණනට පාසල් පැවැත්වීමේ හැකියාව නොමැති අතර ලබන වසරේ යෙදෙන රජයේ නිවාඩු දිනයන් හා පාසල් වර්ෂය ජනවාරි 27 වැනිදා ආරම්භවීම හේතුවෙන් එලෙස නියමිත දින ගණනට පාසල් පැවැත්වීමට නොහැකි වන බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.
පාසල් වාර සටහන සම්බන්ධයෙන් 1997 අගෝස්තු මාසයේ නිකුත් කර ඇති චක්‍රලේඛනයට අනුව වර්ෂයකට දින 210 ක් පාසල් පැවැත්විය යුතු වේ.
කෙසේ වෙතත් ලබන වසරේදී රජයේ හා රජයේ අනුමත සියලුම පාසල් හා අනුමත පිරිවෙන් පැවැත්වීමට හැකිවන්නේ දින 181 ක් පමණක් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළා.
ලබන වසරේ පළමු පාසල් වාරයේ පළමු අදියර ජනවාරි 27 වැනිදා සිට අප්‍රේල් 11 වැනිදා දක්වා පැවැත්වේ.