පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට (30) ආරම්භ වෙනවා.
මැතිවරණ කොමිසම පැවසුවේ, නොවැම්බර් 01 වැනි දා හා 4 යන දිනවලදී ද තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි.
එම දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට නොවැම්බර් 7 සහ 8 යන දෙදින තුළ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සදහන් කළා.