මේ කියන්න යන්නේ ඇත්තටම කණගාටුදායක පුවතක්.. මේ කෝවිලට අද උදෑසන ආව කිසිවෙකුත් මේ වගේ සිද්ධියක් නම් සිහිනයෙන් වත් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති..
කොහොම වුණත් මේ කියන්න යන්නේ අන්න ඒ අවාසනාවන්ත සිද්ධිය ගැන ඇසෙන කතාවයි..
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කසරගොඩ ප්‍රදේශයේ කෝවිලක් තුළ ගින්නක් හටගෙන තිබෙනවා.
කෝවිලේ පැවති වාර්ෂික උත්සවයක් අතරතුර අද (29) අලුයම 12.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වෙනවා.
ගින්නෙන් තුවාල ලැබූ 08 දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන අතර, තවත් 150කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
එසේ වුවද කන්හන්ගාඩ් දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කෙරුණු රෝගීන් 5 දෙනෙකු අතිශය අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවටයි වාර්තා සඳහන් කරන්නේ.
එමෙන්ම තවත් පුද්ගලයන් 33 දෙනෙකු දිස්ත්‍රික් රෝහලටත්, 19 දෙනෙකු කන්හන්ගාඩ්හි අයිෂාල් රෝහලටත්, 12 දෙනෙකු අරිමල රෝහලටත් ඇතුළත් කර තිබෙන බවටයි වාර්තා වෙන්නේ.
එම කෝවිල අසල ගිනිකෙළි ගබඩාවක ඇති වූ ගින්නකින් මෙම අනතුර සිදුවන්නට ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලින් පෙනී යය බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.