අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තේ ප්රපාතයට පෙරලී ඇති පුවතක් වාර්තා වෙනවා..
කොළඹ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු මොටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්රපාතයකින් පහත පිහිටි තේ වත්තට පෙරලී ඇති බවටයි වාර්තා වෙන්නේ..
හැටන් පොලිසිය පවසන පරිදි අද අලුයම 2 ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.. ඒ හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ ෂැනන් වත්ත ප්රදේශයේදියි..
හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ වටවල සිට හැටන් දක්වා අලුයම කාලයේ ඝන මිදුම් තත්ත්වයක් පැවතී ඇති අතර, මොටර් රථයේ රියදුරුට මාර්ගය නිසිලෙස දිස් නොවිමෙන්, මොටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලීසිය පවසන්නේ..
අනතුර පිළිබඳ පරික්ෂණ හැටන් පොලිසිය විසින් පවත්වනවා.. කෙසේ වෙතත්, මොටර් රථයේ සිව්දෙනෙකු ගමන් කර ඇති බවත්, අනතුරෙන් කිසිවෙකුට තුවාලයක් සිදු වි නොමැති වුවත් මොටර් රථයට දැඩි අලාභ හානි සිදු වී තිබුණා...