ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කාන්පූර්හි පිහිටි ව්‍යායාම් මධ්‍යස්ථානයක (Gym) සිටි කාන්තාවක් ඇයගේ ව්‍යායාම් පුහුණුකරු විසින් ඝාතනය කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඝාතනයෙන් පසුව ඇයගේ සිරුර VVIP ප්‍රදේශයක වළදමා ඇති බවටයි සඳහන් වෙන්නේ.
පසුගිය ජුනි 24 වැනිදා මෙම කාන්තාව අතුරුදන්ව ඇති අතර, මාස හතරකට පසුවයි කාන්පූර් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් බංගලාව අසලින් ඇගේ සිරුර පසුගියදා සොයා ගෙන තිබෙන්නේ.
ව්‍යායාම් පුහුණුකරු විමල් සෝනි පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී පාපොච්චාරණය කර ඇත්තේ, ඇයගේ දේහය රජයේ නිලධාරීන්ට වෙන් කර ඇති බංගලා සහිත ප්‍රදේශයක වළ දැමූ බවටයි.
මළ සිරුර දිස්ත්‍රික් මහේස්ත්රාත්වරයාගේ නිවසේ එක් ස්ථානයක වළදමා ඇති බවත්, නිවසේ අනෙක් කොටසේ මහේස්ත්‍රාත්වරයා පවුලේ අය සමඟ ජීවත්වන බවත්, වාර්තා සඳහන් කරනවා.
ව්‍යායාම් මධ්‍යස්ථානයේ සිට එම ස්ථානයට කිලෝමීටරයක පමණ දුරක් තිබෙන බවට සඳහන්.
කාන්තාව වසර දෙකහමාරක සිට ව්‍යායාම් මධ්‍යස්ථානයේ සාමාජිකාවක්වන අතර, පුහුණුකරුගේ විවාහ මංගල්‍යය පැවැත්වීමට නියමිත බවට දැනගැනීමත් සමග ඇය නොසන්සුන් වී තිබෙනවා.
ඇය දින 20කට පමණ පසු අපරාධය සිදු වූ දින ව්‍යායාම් මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති අතර, ඔවුන් දෙදෙනා කතාබහ කිරීමට මෝටර් රථයට ගොස් ඇති බවට සඳහන්.
එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඔහු ඇයගේ බෙල්ලට පහරදී ඇති අතර, ඉන් ඇය ක්ලාන්ත වීමෙන් අනතුරුව ඇයව ඝාතනය කර ඇති බවටයි ඔහු පාපොච්චාරණය කර ඇත්තේ.