සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් අද සිට දින 03ක් විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා...
පසුගිය දිනවල අධික වර්ෂාව ඇදහැලීම නිසා ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් තිබීම ඊට හේතුවයි.. විශේෂයෙන් කොළඹ , ගම්පහ , කළුතර , සහ පුත්තලම දිස්ත්‍රික්කයන්හි ඩෙංගු අවදානම් කලාපවල මෙම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක වනු ඇතියි..
මේ වනවිට දිවයින පුරා හඳුනාගෙන ඇති ඩෙංගු අධි අවදානම් කලාප ගණන 22ක්.. මෙම වැඩසටහනේදී ආගමික ස්ථාන, පාසල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, කර්මාන්ත ශාලා සහ වැඩබිම් පරිශ්‍ර සඳහා ප්‍රමුඛතාව ලබා දෙන අතර, ඒ ආශ්‍රිතව අදාළ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ..