Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
15
ගංවතුරට වැසුණු පාසල් යළි විවෘත වෙන දින ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්..

- ගංවතුරට වැසුණු පාසල් යළි විවෘත වෙන දින ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31 Views
නැවතත් පාසල් ආරම්භ වෙන දවස වෙනතුරු ගොඩක් දරුවන් නොඉවසිල්ලෙන් බලා ඉන්නවා.. මේ ඒ ගැන ඇසෙන අලුත්ම කතාවයි.. 

ජල ගැලීම් සහ අවතැන් කඳවුරු පවතින පාසල් හැර බස්නාහිර සහ දකුණු පළාත්වල ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමූ සියලු පාසල් හෙට (16) විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මේ අතර දිවයිනේ පවතින වැසි තත්වයේ අඩුවීමක් ඉදිරි දින දෙකේදී බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

කෙසේ වෙතත් අද බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේ පැහැබර කාලගුණ තත්වයක් පැවතුණා.

නමුත් ජලයෙන් යටවූ බොහෝ ප්‍රදේශවල ජලය මේ වනවිට බැස යමින් තිබෙනවා.

අප වාර්තාකරුවන් සදහන් කළේ, ගංවතුර හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජන ජීවිතයට බාධා එල්ල වී ඇති බවයි.

කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල සහ කොලොන්නාව යන ප්‍රදේශවල මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ජා-ඇල, කටාන, වත්තල, සහ බියගම යන ප්‍රදේශවල ජල මට්ටම් තවදුරටත් ඉහළ මට්ටමක පවතිනවා.

එම ප්‍රදේශවල පීඩාවට පත් ජනතාවට අඛණ්ඩව සහන සැලසීමේ කටයුතු ක්‍රියාත්මක බවයි ආපදා කළමනාකරණ අංශ සදහන් කළේ.

කැළණි ගග, නාගලම්වීදිය ප්‍රදේශයෙන් සහ ගිංගග බද්දේගම ප්‍රදේශයෙන් තවදුරටත් අවධානම් තත්ත්වයක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළා.

අත්තනගලු‍ඔය, කලු‍ගග සහ නිල්වලා ගග ජල මට්ටම් බැස යමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. පවතින වර්ෂාපතනය හමුවේ මේ වන විට කුකුළේ ගග ජලාශයේ එක් වාන් දොරටුවක්ද විවෘත කර තිබෙනවා.

මේ අතර, අඹතලේ ප්‍රද්ශවාසීන් පෙන්වා දෙන්නේ, ජල පොම්පාගාරය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් හටගන්නා බවයි.

මේ වනවිටත් වැළිපිල්ලෑව ගම්මානයේ නිවාස අඩි 05ක් පමණ ජලයෙන් යටව පවතිනවා.

අඹතලේ ජල පොම්පාගාරය සතුව ජල පොම්ප තුනක් පැවතිය ද මේ වනවිට ක්‍රියා කරවන්නේ එක් ජල පොම්පයක් පමණක් වනවා. මේ සම්බන්ධයෙන් එම පොම්පාගාර නිලධාරින් පැවසූයේ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් පරිදි ලැබී නොමැති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඊයේ ප්‍රදේශවාසින් සහ නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක්ද හටගෙන තිබූ අතර එය සමථයකට පත්කිරීම සදහා මාලඹේ ප්‍රාදේශීය ලේකම් සහ කඩුවෙල පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණියා.

මෙහිදී ප්‍රදේශවාසින් චෝදනා කළේ කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අඹතලේ ජල පොම්පාගාරයේ වේල්ල හරහා ජල කාන්දුවක් සිදුවන බැවින් පහත්බිම් ජලයෙන් යටවන බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ ජලය පොම්පාකිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර පවතින වැසි තත්ත්වයත් සමග කොළඹ, ගාල්ල, ගම්පහ, කලු‍තර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට පැනවූ නායයාමේ අනතුරු ඇගවීම තවදුරටත් ක්‍රියාත්මකයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top