නිවිතිගල, ගාල්ලගේ මණ්ඩිය පදිංචිව සිටි හංසනි භාග්‍යා ජයතිලක, මේ වෙද්දී ඇය බොහෝ දෙනෙක් අතර මතකයක් විතරයි..
ඇත්තෙන්ම හංසනීට අත්වුණේ කවුරුත් නොසිතන ඉරණමක්.. අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගිය පුවත ඊයේ බොහෝ දෙනා අතර කතාවට ලක්වුණු සිදුවීමක් වුණා..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන සංවේදී කතාවයි.. මියගිය තරුණිය තවත් තරුණියන් තිදෙනකු සමග බත්තරමුල්ල ප්‍රධාන වීදිය සම්පත් පෙදෙසේ දෙමහල් නිවසේ උඩුමහලේ පිටුපස කොටසේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින අතර ඉකුත් සිකුරාදා (11) ඇය රැකියාව නිමවා සවස 6.40 ට පමණ පැමිණ ඇති බවයි තලංගම පොලීසිය පවසන්නේ..
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති පරිදි ඇය සමග කාමරයේ වෙසෙන ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ මිතුරිය ද සිට තිබෙනවා.. ඔවුන් දෙදෙනාම රැකියාව නිමවා ඒ වෙනකොට පැමිණ සිට ඇති අතර මියගිය තරුණිය ඇය අමතා පවසා ඇත්තේ රාත්‍රී ආහාරය සඳහා ඇය රැගෙන එන ලද ඉස්සෝ මාළු පිළියෙල කරන බවයි..
ඒ අතරතුර එම මිතුරිය නාන කාමරයට ගොස් ඇඟ සෝදා පිරිසිදු වන අතරවාරයේදී කෑ ගැසීමක් සමග ඇසුණු විශාල ශබ්දයක් ඇසී ඇය නාන කාමරයෙන් පිටතට පැමිණ සෝදිසි කිරීමේදී මිතුරිය ඉහළ මහලයෙන් වැටී සිටිනු දැක ඒ සම්බන්ධයෙන් පදිංචි නිවස හිමිකරුවන් වෙත පවසා ඇතැයි පොලිසිය පවසනවා.. අසල්වාසීන් සුවසැරිය ගිලන් රථය මගින් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස මිය ගොස් තිබුණා..
මියගිය තරුණියක් මීට පෙර ඉඩම් රේජිස්ටර් කාර්යාලයේ සේවය කර ඇති අතර වසර දෙකකට පමණ ඉහතදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවයට පැමිණ ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.. කොළඹ ජාතික රෝහලේ පැවති පශ්චාත් මරණ කටයුතුවලින් අනතුරුව දේහය ඥාතීන් වෙත භාරදීම සිදුකෙරුණා..