හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනය අද සම්පුර්ණයෙන්ම ඇණහිට තිබුණා..
ඒ කොළඹ සිට නුවරඑලිය දක්වා සිමෙන්ති කුඩු ටොන් 57 ක් ප්‍රවාහනය කරන ලද කන්ටෙනර් රථයක පිටුපස ටැංකිය අනතුරට පත්විම හේතුවෙන්..
මෙම අනතුර සිදු වි තිබුණේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රෝහල් මංසන්ධියේදියි..
ධාවනය වෙමින් තිබු කන්ටෙයිනර් රථයේ රියදුරා කෙටි වංගුවක් ගැනිමත් සමග පසුපස ටැංකි කොටසේ රෝද කිහිපයක් මාර්ගය අභියස පිහිටි කාණුවකට වැටිමෙන් ටැංකි කොටස මාර්ගය හරහා අවහිර විම හේතුවෙන් රථ වාහන ගමනා ගමනය ඇණ හිට තිබුණා..
කෙසේ වෙතත්, එම මාර්ගයේ ගමනා ගමනය ඇණ හිටිම හේතුවෙන් පාසල් ළමුන් ඇතුළු මගින් දැඩි පිඩාවට පත් වු අතර, කොළඹ දක්වා ධාවනය වු බස් රථ විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කිරිමට ගිනිගත්හේන පොලිසිය පියවර ගෙන තිබුණා..