ඔවුන්ගේ මියගිය පුත්‍රයාගේ ශීතකළ ශුක්‍රාණු සාම්පල ඔවුන්ට භාර දෙන ලෙස අධිකරණය නියෝග කිරීමෙන් පසු, ඔවුන්ට ආදේශක ක්‍රමයකින් (surrogacy) මුණුබුරෙකු ලැබිය හැකි නිසා ඔවුන් "අතිශයින් සතුටු වූ" බව ඉන්දීය යුවළක් පවසා තිබේ.
මෙම සුවිශේෂී දිල්ලි මහාධිකරණ තීන්දුව පැමිණියේ වසර හතරක නීතිමය අරගලයකින් පසුවයි.
"අපි හරිම අවාසනාවන්තයි, අපට අපේ පුතා නැතිවුණා. නමුත් අපට අධිකරණයෙන් ගොඩක් වටින තෑග්ගක් දීලා තියෙනවා. දැන් අපට අපේ පුතාව ආපහු ලබාගන්න පුළුවන් වෙයි," මව වන හාබිර් කෞර් පවසනවා.
2020 දෙසැම්බර් මාසයේ දී දිල්ලියේ ගංගා රාම් රෝහල විසින් ඔවුන්ගේ සඵලතා රසායනාගාරයේ ගබඩා කර ඇති [යුවළගේ] පුත්‍රයාගේ ශුක්‍රාණු නිදහස් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව කෞර් මහත්මිය සහ ඇගේ සැමියා ගුර්වින්දර් සිං අධිකරණයට පෙත්සමක් ගොනු කළ හ.
මේ යුවළගේ 30 හැවිරිදි පුත්‍රයා වන ප්‍රීත් ඉන්දර් සිංට 2020 ජුනි මාසයේ දී රුධිර පිළිකා ස්වරූපයක් (Non-Hodgkin’s Lymphoma) ඇති බවට රෝග විනිශ්චය කර තිබූ අතර ප්‍රතිකාර සඳහා රෝහල්ගත විය.
"ප්‍රතිකාරය නරක විදිහට එයාගේ ශුක්‍රාණුවල ගුණාත්මකභාවයට බලපායි කියලා, එයාට කිමෝතෙරපි පටන් ගන්න කලින් ශුක්‍රාණු ගබඩා කරන්න කියලා රෝහලෙන් එයාට උපදෙස් දුන්නා," ගුර්වින්දර් සිං පවසනවා.
අවිවාහකව සිටි ප්‍රීත් ඉන්දර් එකඟ වී ඔහුගේ සාම්පල 2020 ජුනි 27 ශීත කරන ලදි. ඔහු සැප්තැම්බර් මුල දී මිය ගියේ ය.
මාස කිහිපයකට පසු, ශෝකයට පත් දෙමව්පියන් ඔවුන්ගේ පුත්‍රයාගේ ශීත කළ ශුක්‍රාණු වෙත ප්‍රවේශවීමට සොයා බැලූවිට රෝහල විසින් ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදි. ඉන්පසු යුවළ විසින් දිල්ලි මහාධිකරණයට පෙත්සමක් ගොනු කරන ලදි.
වයස 60 ගණන්වල පසුවන යුවළ අධිකරණයට පැවසුවේ ඔවුන්ගේ පුත්‍රයාගේ ශුක්‍රාණු සාම්පල යොදාගනිමින් ඉපදෙන ඕනෑම දරුවෙකු ඔවුන් හදාවඩාගන්නා බවයි.
එසේ ම ඔවුන් මරණයට පත්වුවහොත් දරුවාගේ සම්පූර්ණ වගකීම භාරගන්නා බවට ඔවුන්ගේ දියණියන් දෙදෙනා අධිකරණයේ ප්‍රතිඥා දී තිබේ.
පසුගිය සතියේ ඇයගේ තීන්දුව ලබා දෙමින් විනිසුරු ප්‍රතිභා සිං පැවසුවේ ශුක්‍රාණු හිමිකරුවා සිය අනුමැති ලබා දී තිබේ නම් "ඉන්දියානු නීතිය යටතේ මරණයෙන් පසු ප්‍රජනනයට එරෙහි කිසිම තහනමක් නෑ," යනුවෙනි.
සහකාර්‍රියක් හෝ දරුවන් නොමැති නිසා හින්දු උරුම ක්‍රමය පිළිබඳ පනත යටතේ නීත්‍යානුකූල උරුමක්කරරුවන් වන නිසා දෙමව්පියන්ට සාම්පලයට හිමිකම් ඇති බව ඇය එකතු කළා ය.
ඔවුන්ගේ පුත්‍රයාගේ "උරුමය" ඉදිරියට රැගෙන යාම වෙනුවෙන් ඔවුන් උසාවි මඟට පිවිසුණ බවත්, මෙම තීන්දුව ඔහු සමඟ සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමටත් පෙළපත් නාමය දිගට ම පවත්වාගෙන යාමටත් සහය වන බව යුවළ පවසයි.
"එයා එයාගේ සහෝදරියන්ට ගොඩක් ආදරය කළා සහ එයාගේ යාළුවන්ගෙන් ගොඩක් ආදරය ලැබුවා. මගේ ෆෝන් එකේ එකේ ඉන්නෙ එයා. මම හැමදාම උදේට මගේ දවස පටන් ගන්නේ එයාගේ මුහුණ දිහා බලමින්," කෞර් මහත්මිය පවසනවා.
ඔහුගේ ශුක්‍රාණු ආදේශ ක්‍රමයකින් භාවිතා කිරීමට පවුලේ අය සලකා බලමින් සිටින බවත්, ආදේශකයා වීමට ඥාතියෙකු එකඟ වූ බවත් ඇය එකතු කළා ය. "අපි ඒක අපේ පවුල ඇතුළෙම රැක ගන්නවා," ඇය පැවසුවා ය. ඉන්දියානු නීතිය යටතේ වාණිජ ආදේශකයෙක් වීම නීතිවිරෝධී ය.
ඇගේ නීතීඥවරිය වන සුරුචි අග්‍රවාල් පවසන්නේ මෙම නඩුව දුර්ලභ වුවත් පූර්වාදර්ශයක් නොමැති නඩු තීන්දුවක් නොවන බවයි.
බටහිර ඉන්දීය නගරයක් වන පූනේ නගරයේ 48 හැවිරිදි කාන්තාවක් විසින් ජර්මනියේ දී මොළයේ පිළිකාවකින් මිය ගිය ඇගේ 27 හැවිරිදි පුත්‍රයාගේ ශුක්‍රාණු යොදාගනිමින් නිවුන් දරුවන් ලැබූ 2018 වසරේ නඩුව ඇය අධිකරණයේ දී උපුටා දැක්වූවා ය.
අවිවාහකව සිටි ඇගේ පුත්‍රයා ද මරණයෙන් පසු ඔහුගේ ශුක්‍රාණු භාවිත කිරීමට ඔහුගේ මවට සහ සහෝදරියට අවසර දී ඇති අතර, ජර්මනියේ රෝහල විසින් ඔහුගේ සාම්පල ඔවුන්ට භාර දෙන ලදි.
2019 දී ස්කීන් [හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවක්] අනතුරකින් මිය ගිය 21 හැවිරිදි මිලිටරි ශිෂ්‍ය භටයෙකුගේ දෙමව්පියන්ට ඔහුගේ ශීත කළ ශුක්‍රාණුවලින් මුණුබුරෙකු ලැබීමට නිව්යෝර්ක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දුන් නඩුවේ උදාහරණය ද අග්‍රවාල් මෙනවිය ලබා දුන්නා ය.
උපුටා ගැනීම- බි.බි.සී