ඇය ගැන පසුගිය දවස්වල ගොඩක් දෙනා කතා වුණේ, ඇගේ දේශපාලන ආගමනයත් එක්ක වුණ සිදුවීම් නිසා කිව්වොත් හරි...
කාලයක් තිස්සේ කලාවත් එක්ක හිටිය දමිතා ඇත්තටම කලාවට නම් ප්රතාපවත් චරිතයක්.. ඒ විතරක් නෙවෙයි, කොහොම වුණත් ඇගේ මේ දේශපාලන වැඩ නිසා නම් බොහෝ දෙනා තුළ ඇය ගැන ඇති වුණේ නම් ඒ තරම් හොඳ ප්‍රතිරූපයක් නෙවෙයි.. ඒත් දමිතා අබේරතන නම් වූ මේ රංගන ශිල්පිනිය ගැන ඇගේ සමකාලීන මිතුරියක් වුණ දිලිනි කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.. කලා ශිල්පිනියක් ලෙස ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් දිලිනිගේ මේ කතාවත් එක්ක නම් එකඟ වේවි.. "මුලින්ම කියන්න ඕනේ මේ පොස්ට් එක මම ලියන්නේ මේ මොහොතේ අවංකවම මට දැනෙන හැඟිම එක්ක මිසක් වෙන කිසිම අරමුණකින් නොවන වග.. දමිතා අබේරත්න මහත්මිය මගේ වචනයෙන් නං මට පොරක්.. ඒ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි ඇයගේ අති විශිෂ්ඨ රංගන කෞශල්‍ය නිසා.. එක ඔබ මම අවිවාදයෙන් පිළිගත යුත්තක්.. මේ රංගන ජීවිතේ ඇය රංගන ශිල්පීනියක් විදිහට දෙස් විදෙස් සම්මානයන් රාශියකට උරුම කම් ලබා තියෙනවා( එය මට නං හීනයක් ).. ඇය රංගනයෙන් දායක වූ නිර්මාණයන්වල චරිතයන්හි නම් අපිට අදටත් මතකයි... ඇයගේ රංගන දක්ෂතාවයට මං හරිම කැමති, ඒ දිහා බලාගෙන ඉගෙන ගත්ත දේවල් බොහොමයක් මට තිබුනා...මට කියන්න ඕන උනේ මෙච්චරයි මම කොටින්ම ඇය දේශපාලනය කරනවාට කිසිම කැමැත්තක් නෑ..මට ඕනේ ඒ දමිතා අබේරත්න කියන්න විශිෂ්ඨ රංගන ශිල්පීනිය යලි පුංචි තිරේ දකින්න..ඇගේ රංගනය තුලින් නිර්මාණය වන නිර්මාණයන් දකින්න.. මොකද ඒ හැකියාව අපි කොහොම කිව්වත් අද අපේ රටේ අතලොස්සක් ජේෂ්ඨ කලා ශිල්පිනියන් අතරේ ඇය ඉහළින්ම ඉන්න නිසා... ආදරණිය දමිතා අක්කේ.. මං ලංකාවෙන් එද්දි කිව්වා ඔයාට ලොකේ කොහේ හිටියත් අපිට බලන්න ලස්සන නිර්මාණයන් වලින් එන්න කියලා... ඔයාව මේ කලාවට ඕනේ එදා අද වගේම හෙටටත්.... ආදරෙයි ඔයා මට නිරන්තරයෙන්ම දක්වන සෙනෙහසට, ආදරයට.. මේ වචන ටික අන්න ඒ ආදරයට .."