ඇය ගැන පසුගිය දිනවල විවිධ මාතෘකා නිසා ගොඩක් කතාබහ වුණා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් විශේෂ කතාවක්..
ඇය මෙවර ඡන්දයට ඉදිරිපත් වෙන බවට මීට පෙර අවස්ථා කිහිපයකදීම දැනගන්න ලැබුණා... ඒත් මේ ඒ ගැන ඇසෙන වෙනස්ම කතාවක්.. රංගන ශිල්පිනී දමිතා අබේරත්නගේ නම රත්නපුර දිස්ත්‍රික්කයේ නාමයෝජනා ලැයිස්තුවේ සඳහන් නොවන බව වාර්තා වෙනවා...
ඊයේ දමිතා අබේරත්න මාධ්‍යට පැවසුවේ තමන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වෙන බවයි.. එහෙත් අද රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණිවිට ඇයට දැනුම්දී ඇත්තේ ඇයගේ නම එම ලැයිස්තුවට ඇතුළත් නොවන බවයි..
කෙසේ වෙතත් අද ඇය මහා මැතිවරණයේ සමගි ජන බලවේගයේ නාමයෝජනා සඳහා අත්සන් තැබීමටද පැමිණ තිබූ බවටයි වාර්තා වෙන්නේ..