මේ කියන්න යන්නේ අමුතු ආදර කතාවක්.. තමන්ගේ පවුලට වඩා මේ කාන්තාවට ඒ තරුණයාගේ ආදරය විශේෂ වෙලා කීවොත් හරි..
කොහොම වුණත් අවසානයේ මේ නිසා එකම කලබලයක්.. මේ ඒ ගැන ඇසෙන කතාව..
රජයේ රැකියාවට අමතරව දේශීය වෙදකම සිදුකළ රූමත් කාන්තාවක සැමියා සහ දරුවා අතහැර ප්රතිකාර ගැනීමට පැමිණි කඩවසම් තරුණයකු සමග පැන ගිය කතාවක් දකුණු පළාතෙන් වාර්තා වෙනවා..
කාන්තාව දැඩි තැන්පත් බවකින් හා අහිංසක ආකාරයට ජීවත්වූ අතර දේශීය වෙදකම පිළිබඳව ප්රසිද්ධියට පත් තැනැත්තියක්.. විශේෂයෙන් කැඩුම් බිදුම් වෙදකමටද ඇය ප්රසිද්ධියක් දැරුවා...
සිය සේවා ස්ථානයේ මෙන්ම සෙසු ආයතන අතර ඇය අතිශයින් ජනප්රිය තැනැත්තියක වූවා... රාජකාරිය දේවකාරියටත් ඉහළින් සිදුකරන නිලධාරිනියක ලෙස ජනතාව අතරද ප්රියමනාප තැනැත්තියක වන ඇය විශේෂයෙන් පිරිමි පාර්ශවය අතර දැඩි ප්රසිද්ධියක් උසුලන හැඩකාර දැකුම්කළු කාන්තාවක්ද වූවා...
වසර ගණනාවක් විදේශගතව සිට ළඟදී මෙරටට පැමිණි පසු රිය අනතුරකින් තුවාල ලැබු කඩවසම් තරුණයෙක් දිනක් ප්රතිකාර ගැනීමට යෙහෙළියක සමග ඇය හමුවීමට පැමිණියා... වෙදකම හා හෙදකමද නිසිලෙස සිදුකිරීමට ඇය වගබලා ගත්තා... තරුණයා කෙටිකාලයකින් සුවය ලබා ඇති අතර ටික දිනක් ගතවෙද්දී කාන්තාව කිසිවකුටත් නොකියා ප්රදේශයෙන් අතුරුදන් වී ඇති බව සැලවිය..
සැමියාට බිරිඳගෙන් ලැබුණු දුරකතන ඇමතුමට අනුව ඇය තරුණයකු සමග ගොස් ඇති බව පැහැදිලි වුණා.. කාන්තාව කිසිවකුටත් නොකියා ස්ථාන මාරුවීමක් ද ලබාගෙන තරුණයා සමග අගනුවර ප්රදේශයකට ගොස් ඇති අතර බිරිය සොයා දෙන ලෙස සැමියා නීතියේ පිළිසරණ අයදිමින් සිටියා...
තරුණයා කාන්තාවගේ හොඳම යෙහෙළියගේ සොහොයුරා බව පසුව හෙළිවූ අතර සිද්ධිය වසන්කර ගැනීමට බොහෝ දෙනා උත්සාහ දැරුවද අපූරු වෙදකම පිළිබඳව රස කතාවක් රජයේ කාර්යාලවල පැතිර යාමට වැඩි දිනක් ගත වුණේ නැහැ..