නෙළුම් කුලුනේ පැන සියදිවි හානි කරගත් පාසල් සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ දින සිදු කර තිබෙනවා.
එහිදී අනාවරණවී ඇත්තේ, බිමට පැනීමේදී ශරීරයේ ඇති වූ බහුවිධ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවයි.
එමෙන්ම මරණය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් පස් දෙනෙකුගෙන් පමණ පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.
මේ අතර පාසැල් දැරියක් මෙලෙස සිය දිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා කරුණු වාර්තා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.
ඊට අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් තිදෙනෙක් සහ අධ්යක්ෂවරුන් දෙදෙනෙකු අයත්.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික පාසල් තමන් යටතේ පාලනය වීමක් හෝ නියාමනය වීමක් නොවන බවයි.
එමෙන්ම, ඒවා සමාගම් පනත යටතේ ලියාපදිංචි වී තිබීම හේතුවෙන් අදාළ ජාත්‍යන්තර පාසල සහ සිසුවිය මිය යෑමේ සිද්ධිය සම්බන්ධව නීතිමය පියවර ගැනීමට තමන්ට බලයක් නොමැති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.
මේ අතර, මෙම දැරියගේ දිවි නසා ගැනීම පිළිබඳව කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පුද්ගලික සමාගම නිවේදනයක් නිකුත් කරමින් සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, සියලුම නරඹන්නන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා පොලිසිය ඇතුළු බලධාරීන් සමග පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන බවයි.
පෙරේදා (06) ඇය ප්‍රවේශ පත්‍රයක් ද රැගෙන නෙළුම් කුලුන වෙත පැමිණ තිබුණා.
මරණකාරිය කෙටි කාලයක් තුළ අවස්ථා කිහිපයකදීම සියදිවි නසාගැනීමට උත්සහා කළ බවටයි, CCTV කැමරාවල සටහන්වී ඇත්තේ.