තම පෙම්වතිය වෙනුවෙන් තමන්ගේ පාසල් කාලය කැප කරමින් පෙම්වතියට මුළු හදවතින්ම ආදරය කරලා ඒ පෙම්වතිය සරසවියට ඇවිත් වෙන කොල්ලෙකුට ආදරය කරද්දී ගමේ පෙම්වතාට ඇතිවෙන ගින්දර ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ.
අන්න ඒ වගේ පණමෙන් ආදරය කළ නිසා පාසල් ගමනත් නතර කරලා පුංචි පුංචි රස්සා කරලා හොයා ගත්තු තුට්ටු දෙකෙන් තමන්ගේ කෙල්ලට උගන්නල අත් දෙක පිස දාගන්න වුණු පෙම්වතෙක් වෙනත් කෙල්ලෙක් නිසා ජීවිතයේ පෙර කළ පිනක් නිසාදෝ දැන් සැපවත් ජිවිතයක් ගත කරන කොල්ලෙකුගේ කඳුළු මැදින් ගෙවුණු අමිහිරි අතීතයක් පිළිබඳව සටහන් කරලා තිබුණේ මේ ආකාරයටයි.
දකුණු පළාතේ සංචාරක කරමාන්තය බහුලව ක්‍රියාත්මක වන බව සැවොම දන්නා දෙයක්. ඉතින් දකුණු පළාතේ ප්‍රදේශයක තරුණයෙක්ට තමයි මේ දේ වෙලා තියෙන්නේ.අපි ඔහු කැළුම් කියල නම් කරන අතර තරුණිය කුමුදු කියලා නම් කරමු.
කැළුම් සහ කුමුදු කුඩා කාලයේ සිටම හැදුනේ වැඩුනේ පුදුම ලෙන්ගතු බවකින්. ඒ වගේම මේ දෙන්න ලොකු පවුල්වල අයත් නොවෙයි. දුප්පත් පවුල් දෙකක ඉපදුණු මේ දෙන්නා වැලි කෙලියේ ඉඳන්ම දුක සැප එකට බෙදා ගත්තා.
පාසල් ගියෙත් අවෙත් දෙන්නම එකටමයි. ඒ ආපු වෙලාවට කැළුම් බත් එකෙන් ටිකක් කාලා අනික් ටික අරගෙන ගිහින් කුමුදුට දෙන්නේ හරිම ආදරෙන්.
කුමුදුත් ඒ වගේමයි.ඉස්කෝලේ ගියාම එයාගේ බත් එක කන්නේ කැළුම් එක්ක.
බත් එක දුප්පත් වුනාට මේ දෙන්නා හරිම රසවත් ලෙස තමයි කෑවේ. මේ දෙන්නා නෑද කමට නෑන සහ මස්සිනාලා වෙනවා. ඒ නිසා ගෙවල් වලින් බාධාවක් තිබ්බේ නැහැ.
දෙන්නම කාලයත් වෙද්දී පෙම්වතුන් බවට පත්වූ අතර ඔවුන් දෙන්නා හරිම ආදරෙන් හිටියා. මේ දෙන්නම මේ වෙද්දී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉඳලා තිබ්බේ.
මේ කාලේ වෙද්දී කුමුදුගේ තාත්තා හදිසියේම අසනීප වුනේ හිතා ගන්න බැරි විදියට. කොළඹ ලොකු ඉස්පිරිතාලෙකට ගිහින් ශල්‍යකර්මයක් කළත් ලෙඩේ අඳුර ගන්න හැකියාවක් ලැබුණේ නැහැ.
ඉතින් එනිසා හැටියේම කුමුදුගේ පියා සියලුදෙනාම දාලා යළි නොයෙන ගමන් ගියා. මේ නිසා කුමුදුගේ අස්වැසිල්ල වුණේ කැළුම්ගේ ආදරය විතරයි.
මේ වෙද්දී සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල ඇවිත් තිබුණේ. දෙන්නම් ඉහලින්ම පාස් වෙලා තිබුණා. වෙදා කැළුම් කුමුදුගේ ගෙදර ගියේ හරිම ආදරෙන් හිත පුරවාගෙන.
හැබැයි කුමුදු ඒ වෙද්දී කාමරයට ගිහින් වහගෙන හොඳටම අඬන ගමන් හිටියේ. ඒ ගැන කැළුම්ට කුමුදුගේ අම්මා කිව්වේ මේ විදියට.
"දැන් ඉතින් අපි තනිවෙලා. කෙල්ලට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒ වුණාට උසස් පෙළ කරන්න වියදම් කරන්න මට හයියක් නැහැ පුතේ"යනුවෙනි.
නමුත් කෙසේ හෝ කැළුම් කුමුදු සිටින කාමරයට ගියා. ඒ මොහොතේම කුමුදු ඇවිත් කැළුම්ගේ පපුවේ හිස තියාගෙන කඳුළු හැලුවේ හිතේ තිබුණු දුක කැළුම්ට කියමින්.
"මට තවත් ඉගෙන ගන්න බැහැ මගේ රත්තරන්. මගේ අම්මාට වියදම් කරන්න සල්ලි නැහැ. මන් මොනවහරි රස්සාවක් කරනවා."කැළුම් මොනවත් නොකියා කුමුදුගේ කඳුළු ඉවරවෙනකම් බලාගෙන හිටියා.
මේ නිශ්ශබ්ද බව දරාගත නොහැකිව කුමුදු කැළුම්ගේ හිස අල්ලාගෙන ඇසුවේ"ඇයි මගේ රත්තරන් කතා නොකරන්නේ. දැන් ඔයාටත් මව එපා වෙලාද ?" යනුවෙන්.
ඒ මොහොතේම කැළුම් කතා කළේ තම පෙම්වතියෙගේ දෑසින් වැටෙන කඳුළු පිස දමමින්ය.
"මගේ පැටියෝ මන් ඔයාට ගොඩක් ආදරෙයි. ඔයා ඉගෙන ගන්න ඕන. කොහොමහරි ඔයා කැම්පස් යන්න ඕන"
"අනේ කැළුම් මට සල්ලි නෑ. මට කවුද වියදම් කරන්නේ. අනේ මන් මොකද කරන්නේ."එදා තම ආදරවන්තිය කෙසේ හෝ සරසවියකට යවනවා කියලා හිතාගෙන කුමුදුගේ හිත හදාලා ආවේ කැළුම්ගේ අම්මට හිත රිදෙන කතාවක් කියන්න. ඒ කැළුම් පාසල් ගමන නතර කරලා රැකියාවක් කරනවා කියන්න. එදා කැළුම්ගේ අම්මා තරම් දුක් වුණේ නැහැ වෙන කෙනෙක්.
පසුදා කුමුදුගේ ගෙදර ගිය කැළුම් කුමුදුට කිව්වේ "මන් ඔයාට උගන්වනවා. ඔයා ඉස්කෝලේ යන්න. ඔයා මට ඇත්තටම ආදරේ නම් ඔයා කොහොමහරි කැම්පස් යන්න රත්තරන්. මන් ඔයාට කුලී වැඩ කරලා උගන්නනව. මන් ඉස්කෝලේ නම් එන්නේ නෑ."
කුමුදු කෙසේ හෝ කැමති කරවාගෙන කැළුම් මුහුදු වෙරළට ගියේ රස්සාවක් හොයාගෙන. අලුතෙන්ම වැල්ලට ගිය කැළුම්ට නොයෙක් නොයෙක් අය හමුවුණා.
නමුත් කැළුම් කවදාවත් වැරදි වැඩක් කළේ නැහැ. හැම සතයක්ම හොයලා කුමුදුට ඉගෙනගන්න දුන්නා.
ටික කාලයක් ගත වෙද්දී කුමුදු සරසවි වරම් ලබන්න තරම් හොඳට විභාගේ පාස් වෙලා තිබුණා. එදා තරම් සතුටු දවසක් කැළුම්ට තිබුණේ නැහැ.
එත් එදා කුමාරි දුකෙන් කිව්වේ "අනේ මට තවත් ඔයාට දුකක් දෙන්න බැහැ. මාත් ඔයා වගේ රස්සාවක් කරන්නම්." යනුවෙනි.
ඒ මොහොතේදීත් කැළුම් කිව්වේ "මම ඔයාට මේ වියදම් කළා වගේ වියදම් කරනවා. ඔයා යන්න."යනුවෙන් කැළුම් කිව්වා.
කැම්පස් යන්න පිටත්වෙන දවසේ කැළුම් කුමුදුගේ ඇස්දෙක දිහා බලන් කිව්වේ එකම එක දෙයයි.
"ඔයා කැම්පස් ගියාට පස්සේ මම අමතක කරන්නේ නැහැ නේද ? යනුවෙන්ය.
"ඔයා මගේ පණ වගේ මන් ඔයාව කවදාවත් අමතක කරන්නේ නැහැ."එදා නිවසින් ගිය කුමුදු කාලයත් යද්දී වෙනස් වුණේ කැළුම් හීනෙකින්වත් හිතුවේ නැති විදියට. ටික දවසක් යද්දී කුමුදු සරසවියේ කෙනෙකුට ආදරේ කරන්න පටන් අරගෙන. මේ දේවල් කැළුම්ගේ ඇස් දෙකෙන්ම දැක්කා.
හිත හදා ගන්න විදියක් නැතිව කැළුම් නොයෙක් මත්ද්‍රව්‍ය භාවිත කරන්න ගත්තා. සංචාරකයන්ගේ මුදල් සොරකම් කළා.
කාලය ගතවෙද්දී සුළඟට ගහගෙන යන තරම් කෙට්ටු වුණු කැළුම් දවසක් මුදල් නැතිකම නිසා විදෙස් ජාතිකා කාන්තාවකගේ මුදල් පසුම්බිය සොරකම් කරන්න ගිහින් පොලිසියේ කූරු ගණන් කරන්න සිදුවුණා.
එදා එක දෙයක් වුණා. ඒ සුදු ජාතික කාන්තවම ඇවිත් කැළුම්ව බේරාගෙන ගියා. ඒ සුදු ජාතික තරුණිය මොහුගෙන් අහලා තිබුනේ ඇයි මේ වගේ දේවල් කරන්නේ කියලා.
එදා සේරම දේවල් ටික කඳුළු අතරින් කැළුම් කියලා තිබුණා. හිත උණුවෙන්න කවදාවත් ජාතිය, පාට, ආගම්, බේද බලපාන්නේ නැහැ.
කැළුම්ගේ වාසනාවට ඒ තරුණිය කැළුම්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. ඒ තරුණිය වෛද්‍යවරියක්. කාලයක් යද්දී පරණ කැළුම් වෙන්න ඔහුට හැකියාව ලැබුණා.
මේ වෙද්දී ඒ විදෙස් ජාතික තරුණිය ලංකාවට කැළුම්ව බලන්න්න කිහිප වතාවක්ම ඇවිත් ගියා. මේ නිසා ඒ දෙන්නා අතර ආදරයක් ඇති වෙලා.
මේ දෙන්නා දැන් කසාද බඳින්නත් සුදානම් කියලා තමයි ඒ තරුණයා කියලා තිබුණේ. ආදරේ නිසා කැප කිරීම් කරලා ජීවිතේ නාස්ති වෙන්න ගිහින් ආදරේ නිසාම හොඳ ජීවිතයක් කැළුම්ට ලැබුණා.
ඉතින් කවදාවත් ආදරේ කරනවා නම් බොරුවට ආදරේ කරන්න එපා. ඒක ලොකු පාපයක්. ඒ දේ ගැහැණු වුණත් පිරිමි වුණත් දෙගොල්ලොගෙම රිදෙන්නේ සිත් කියලා මතක තියා ගන්න.