බණ්ඩාරගම වෑවිට තැඹිලිකොටුව හන්දිය ආසන්නයේදී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
ඒ පුද්ගලයින් දෙදෙනෙක් ගමන් ගත් යතුරුපැදියක් කුඹුක් ගසක ගැටීමෙන්.
මෙම අනතුරින් එක් තරුණයෙක් එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
යතුරුපැදිය බණ්ඩාරගම - කළුතර මාර්ගයේ මොරන්තුඩුව දෙසට ධාවනය වීමේදී වෑවිට මංසන්ධිය පසුකර ටිකදුරක් යාමේදී තැඹිලිකොටුව හන්දිය ආසන්නයේදී පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් කුඹුක් ගසේ ගැටීමෙන් අනතුර සිදුවී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
අනතුර සිදුවූ ස්ථානයේදීම එහි පැදිකරු ලෙස කටයුතු කළ 18 හැවිරිදි තරුණයා මියගොස් තිබූ අතර තුවාල ලබා ඇත්තේ 49 හැවිරිදි පුද්ගලයෙක්.
අනතුරින් යතුරුපැදියේ ඉදිරිපස රෝදය කැඩී බරපතළ අලාභානි සිදුව තිබූ අතර කුඹුක් ගසටද හානි සිදුවී ඇත.