මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය තුළ දැනට මෙරට ඉන්ධන මිල ඉහළ යාමක් අපේක්ෂා නොකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් පවසනවා.
මීට පෙර ආනයනය කරනු ලැබූ ඉන්ධන සංචිත ඛනිජ තෙල් සංස්ථාව තුළ පවතින බවයි ඔහු පවසන්නේ.
“මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වයක් ඇති වුණාම සාමාන්‍ය දේ තමයි ඉන්ධන මිල වැඩිවෙනවා. ඒක ලංකාවේ ඉන්ධනවලටත් බලපෑමක් වෙනවා. දැනට එහෙම බලපෑමක් වෙලා නැහැ. අපි මේ වනවිට භාවිත කරන්නේ, මීට පෙර ලබාගත් ඉන්ධන. කාලසීමාවක් තුළ පාවිච්චි වෙනවා. අපි සාමාන්‍ය මිල තමා තීරණය කරන්නේ. අපි බලමු යුද තත්ත්වය උත්සන්න වෙලා මිල ඉහළ ගියොත් ඒකට අනුරූපීව තමා ලංකාවේ මිල තීරණය කරන්න වෙන්නේ. දැනට එවැනි තත්ත්වයක් අර්බුදයක් මතුවෙලා නැහැ.”