ලොව විවිධ තැන්වලින් ස්වාභාවික විපත් ගැන අපිට වාර්තා වෙනවා.. මේ කියන යන්නෙත් අන්න ඒ වගේ කතාවක්..
ප්රචණ්ඩත්වය අතින් 5 වැනි මට්ටමේ පවතින මිල්ටන් සුළි කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම් එල්ල වන්නේ මීට සතියකට පෙර බලපෑ හෙලීන් සුළි කුණාටුවේ බලපෑම පහව යන්නත් පෙරයි..
හෙලීන් සුළි කුණාටුවේ බලපෑමෙන් ෆ්ලොරිඩා, ජෝර්ජියා, දකුණු කැරොලිනා, උතුරු කැරොලිනා, වර්ජිනියා සහ ටෙනිසී යන ප්‍රාන්තවලට දැඩි බලපෑම් එල්ල වූ අතර පුද්ගලයින් 225 දෙනෙකුට දිවි අහිමිවුණා..
තවත් 100කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ...
2005 වසරේ අමෙරිකාවට බලපෑ කැත්රීන් සුළි කුණාටුවෙන් පසු වැඩිම දේපොළ සහ දිවි අහිමිවීමක් වාර්තාවුණේ ද හෙලීන් කුණාටුව හරහායි..
එවන් පසුබිමක අත්ලාන්තික් සාගරය හරහා ඇදී එන මිල්ටන් සුළි කුණාටුව ෆ්ලොරිඩා ප්‍රාන්තය හරහා අමෙරිකාවට ඇතුළුවීමට නියමිතයි..
පැයට කිලෝමීටර් 285කට වැඩි වේගයෙන් හමා එන මිල්ටන් සුළි කුණාටුව මෙක්සිකෝවට ද බලපෑම් එල්ල කරනු ඇති බව සඳහන්...
අමෙරිකාවේ ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙමී රෝම් පැවසුවේ ඒ පිළිබඳ මෙන්න මේ වගේ අදහසක්..
"අපි සුළි කුණාටුවේ වත්මන් තත්ත්වය ගැන සලකා බැලුවහොත් මෙහි උපරිම වේගය දැන් පැයට සැතපුම් 180 දක්වා ඉහළ ගොස් තිබෙනවා... ඒ වගේම පීඩනය මිලිබාර් 905ක් දක්වා පහළ බැස තිබෙනවා. මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඔබට ඉවත්වීම සඳහා නියෝග ලබාදී ඇත්නම් එය බරපතළ ලෙස සලකා අනිවාර්යයෙන්ම ඉවත් වන්න.."
ඒ අනුව එම සුළිකුණාටුවේ බලපෑමට ලක්විය හැකි ප්‍රදේශවල ජනතාව ඉන් ඉවත් වී තිබුණා.. මේ හේතුවෙන් ෆ්ලොරිඩා හී මාර්ග රැසක දිගු රථවාහන පෝලිම් ද දක්නට ලැබුණා...
2017 වසරින් පසුව ෆ්ලොරිඩා හී ජනතාව මෙතරම් ප්‍රමාණයක් ඉවත් කර ඇත්තේ පළමුවරටයි... අවතැන් වන පුද්ගලයින් 10,000කට සහන සැලසීමේ අරමුණින් සාන්ත පීටර්ස්බර්ග් හී ට්‍රොපිකානා ක්‍රීඩාංගණය සූදානම් කර ඇති බවටයි වාර්තා වෙන්නේ..