මේ කියන්න යන්නේ තවත් ප්‍රධාන තනතුරක් සම්බන්ධයෙන් සිදුකරන පත්වීමක් ගැන කතාවක්..
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු අද (07) එම තනතුරේ වැඩ බාර ගැනීමට නියමිතව තිබෙනවා..
රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තනතුරේ කටයුතු කළ සුරේෂ් සලෙයි පසුගියදා එම තනතුරින් විශ්‍රාම ලැබීමත් සමඟ මේ නව පත්වීම සිදුකර තිබුණා...
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වන ධම්මික ප්‍රියන්ත, සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස පොලිසියට මුලින්ම සම්බන්ධ වී තිබුණා..
විසි හතරක සේවා කාලයක් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති යනාදී තනතුරුවලද ඔහු මීට පෙර කටයුතු කර තිබෙනවා...
අපරාධ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරියකු වන ධම්මික ප්‍රියන්ත අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්තිය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමාධාරියකු ද වෙනවා.. මූල්‍ය විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීම නැවැත්වීම සම්බන්ධ ජාත්‍යන්තර තක්සේරුකරුවකු ලෙසද ඔහු කටයුතු කරනවා... මහා බැංකු මූල්‍ය බුද්ධිය ඒකකයෙන් පිට එම කටයුතු කරන එකම නිලධාරියා වන්නේද ඔහුයි..
එසේම ඔහු, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙසද කටයුතු කරනවා.. හෙතෙම ගාල්ල ගොඩමුණ මහා විද්‍යාලය සහ මතුගම සී.ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර යන විද්‍යාලයන්හි ආදි සිසුවෙක්..
