මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් සල්පිල බොහොම ඉහළින් පැවැත්වුණා..
දිවයිනේ නන් දෙසින් මහා ජන ගඟක් කොළඹට ඇදී ආවේ වසරකට සැරයක් උදාවෙන මේ අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න වුණත් මෙන්න මේ වගේ සිදුවීම් ඒ අතරතුර වාර්තා වුණා...
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පොත් අලෙවි සැලක ආරක්ෂකයෙකු ප්‍රදර්ශණයට පැමිණි තරුණයෙකුට පහරදුන් බව කියන සිදුවීමක් හේතුවෙන් නොසන්සුන්තාවක් හටගත්තා...
එම අවස්ථාවේ පහරදුන් බව කියන ආරක්ෂක නිලධාරියා සහ පිරිස අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවුණා...
එහිදී එම පහරදීම වීඩියෝගත කළ මාධ්‍යවේදියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා...