විෂ රසායන අඩංගු පොල් තෙල් තොගයක් සම්බන්ධයෙන් පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය අනතුරු අඟවනවා.
නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකරමින් රසායනික ද්‍රව්‍ය යොදා කෘත්‍රිමව පිරිපහදු කරන ලද ආනයනික පොල්තෙල් කිලෝග්‍රෑම් මිලියන 80,000 ක තොගයක් දේශීය වෙළදපොලට යොමු කර ඇති බවට සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය චෝදනා කරනවා.
එම සංගමයේ කැදවුම්කරු බුද්ධික ද සිල්වා මේ බව කියා සිටියේ කොළඹ අද (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
පිලිකාකාරක සහිත මෙම විෂ පොල්තෙල් භාවිතයෙන් දරුවන් ඇතුලු පුද්ගලයින්ට පිලිකා ඇති වීමේ අවධානමක් පවතින බවද ඔහු සදහන් කළා.