අවාසනාවන්ත ලෙස පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා.
නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැකිමට ගොස් ලිස්සාගොස් පාසල් ගොඩනැගිල්ලක බිත්තයක ගැටී තිබෙනවා.
අනතුරුව බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර සිසුවා වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර ශික්ෂණ රෝහල වෙත ගිලන් රථයකින් රැගෙන යමින් සිටියදි ඊයේ ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පතන පොලිසිය පවසනවා.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ එම පාසලේ 13 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ පදිංචිව සිටි ශිවකුමාර් නදිෂ් නැමති (18) හැවිරිදි පාසල් සිසුවායි.
මියගිය සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පතන පොලිසිය පරික්ෂණ පවත්වයි.