ඉදිරි මහමැතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
තමන් වසර විස්සකට වැඩි කාලයක් හෝමාගම මැතිවරණ කොට්ඨාසය නියෝජනය කළ අයෙක් බව ද ,
එම කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, නියෝජ්‍ය අමාත්‍යවරයෙක්, සහ කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස තනතුරු ගණනාවක් දරමින් සිය ජනතාවට සේවය කළ බවද සඳහන් කළ ඔහු අවසාන වශයෙන් සඳහන් කළේ.
ඉදිරි වසර කිහිපයේදී තවත් ආචාර්ය උපාධියක් සඳහා කාලය වැය කිරීමට සැලැසුම් කර ඇති බවයි.
එමෙන්ම, තවත් චිත්‍රපටියක් නිර්මාණය කිරීමට අදහස් කරමින් සිටින බව ද බන්දුල ගුණවර්ධන සඳහන් කළා.