තායිලන්තයේ පාසල් සිසුන් රැගත් බස් රථයකට සිදුවුණ අනතුර සම්බන්ධව ලෝකයක් කම්පා වෙනවා..
ඇත්තටම ඒ ආන්තුරෙන් ඔවුන් බේරාගන්න කිසිවෙකුට හැකියාවක් තිබුණේ නැහැ..
කොහොම වුණත් දැන් ඒ ජීවිත අපට අහිමි වෙලා.. පාසල් ක්ෂේත්‍ර චාරිකාවකට ගොස් යළි පැමිණෙමින් සිටියදී මෙන නොසිතූ ඉරණමට ඔවුන් මුහුණදුන් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ..
ගුරුවරුන් ඇතුළු සිසුන් 20කට අධික පිරිසක් මේ ඛේදවාචකයෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණා.. මේ ගැන විවිධ දෙනා කතා කරද්දී ඒ ගැන සමාජමාධ්‍යයේ පළ වූ සටහනක් මෙන්න..
"ඇගේ නම කනොක්වාන් ශ්‍රිපොං..
විනෝද චාරිකාවකට ගොස් ආපසු එමින් සිටි බාලාංශ සිසුන් රැගත් තායිලන්තයේ බස් රථයක් ගිනි ගැනීමෙන් ඛේදජනක ලෙස ජීවිත අහිමි වූ ගුරුවරියක් වූයේ ඇයයි. ඇය සමඟ තවත් ගුරුවරුන් දෙදෙනෙකු සහ ළමුන් 22 දෙනෙකු මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වුණා.
අවසන් හුස්ම හෙළන තුරුම ඇය තම සිසුන් ආරක්ෂා කරන්නට ආදරණිය ලෙස මහත් උත්සාහයක් දරා ඇති බව ඇයගේ සිරුර සොයා ගන්න විට කාටත් වැටහුනි ඒනම් ඇය කුඩා දරුවකු තම දෙඅතින් අල්ලා තමන්ට තුරුලු කරගෙන ජිවිතයෙන් සමුගෙන තිබීමයී.
ඔබේ දරුවන්ට සැබෑ ලෙසම තමන්ගේ දරුවන්ට මෙන් සලකන ගුරුවරයෙක් හමුවී ඇත්නම්, ඔබ මෙන්ම ඔබේ දරුවාද වාසනාවන්තය.
මේවන් ගුරුවරුන් වර්තමානයේ දුලබය."
