අද දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 785,562 ක් ලෙස සටහන් වෙනවා.
එය ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 2,479 ක අඩුවීමක්.
ඒ අනුව කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 27,710 ක් ලෙස සඳහන්ව ඇති අතර කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,410 ක් සහ රුපියල් 24,250 ක් ලෙසයි සඳහන් වන්නේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 221,700 ක් ලෙස දැක්වෙනවා.
කැරට් 22 පවුමක් රුපියල් 203,250 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 194,000 ක් ලෙසත් සඳහන්.