ශ්රී ලංකා නවසීලන්තය අතර තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම පසුගියදා සමත්වුණා.
මේ අතරම මේ තරගාවලියෙන් අනතුරුව නවසීලන්ත ටෙස්ට් නායක ගත් තීරණයක් ගැනයි මේ කියන්න හදන්නේ.
ශ්රී ලංකා සමග පැවැති ටෙස්ට් තරගාවලියෙන් දරුණු පරාජයක් නවසීලන්ත කණ්ඩායම අත්විඳ ගැනීමත් සමග ටෙස්ට් නායකත්වයෙන් ටිම් සවුති ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව නවසීලන්ත නව ටෙස්ට් නායකත්වයේ වගකීම ටොම් ලෙතම්ට ලබා දී ඇති අතර ඒ අනුව ඔහු එළැඹෙන ඉන්දීය ටෙස්ට් තරග සංචාරයේ සිට නවසීලන්ත කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.