මේ කියන්න යන්නේ සමහරවිට ඉදිරියේදී තෙල් මිලට වෙන්න පුළුවන් වෙනසක් ගැන කාරණයක්..
ඉරානය ඊශ්‍රායලයට එරෙහිව බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු තෙල් මිල ඉහළ ගොස් තිබෙන බවට වාර්තා වෙනවා..
මැද පෙරදිග යුධ උණුසුම උත්සන්න වීමත් සමඟ ලෝක වෙළදපළේ බොරතෙල් මිලද සියයට 03 කින් ඉහළ ගොස් තිබෙනවා..
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 73.56 දක්වා ඉහළ ගොස් තිබෙනවා..
ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 69.83ක් ලෙසයි..