තායිලන්තයේ පාසල් සිසු සිසුවියන් රැගත් බස් රථයක් අනතුරට පත්වීමෙන් සිදුවුණ ඛේදවාචකය ගැන මුළු ලොවම කතාබහට ලක් කරනවා.
මේ කියන්න යන්නේ ඒ බස් රථ අනතුර සම්බන්ධව කිසිවකුත් නොඅසපු කතාවක්.
මේ බස් රථයේ සිටි ගුරුවරියක සිසුවකු ගින්නෙන් බේරාගැනීම සඳහා තම සිරුරෙන් වසාගෙන සිටි බවට සිද්ධිය දුටුවන් ප්රකාශ කර තිබෙනවා.
මෙම තායි ගුරුවරිය තම සිසුවාගේ සිරුර වසාගෙන සිටියදී බස් රථය ගිනිගෙන පුපුරා ගිය බවටයි පැවසෙන්නේ.
කනොක්වාන් ශ්රිපොං ගුරුවරියගේ දේහය දුටු විට, ඇය තම සිසුවිය ආවරණය කිරීම සඳහා දරුවා දෑතින් අල්ලාගෙන සිටි ආකාරය දකින්නට තිබුණ බවට සඳහන්.