කිරි සහ මී පැණි වලින් යුත් මෙම ඉපැරණි මිශ්‍රණය නිදා ගැනීමට අපහසු ඔබට කදිම ප්‍රතිකාරයකි.
කුඩා දරුවෙකු නිදා ගන්නවා වගේ නිදා ගැනීමට අවශ්‍ය මෙම මිශ්‍රණයෙන් වීදුරුවක් නින්දට පෙර පානය කිරීමයි.
නින්ද නොයාම පාලනය කිරීම සදහා මෙම කිරි සහ මී පැණි සාම්ප්‍රදායික බෙහෙතක් ලෙස භවිතා කරන ලදී.
කිරි සහ මී පැණි වෙන් වෙන්ව ගත් විට මේ සදහා කාර්යක්ෂම ප්‍රතිකාරයක් නමුත් මෙම බෙහෙත් එක්ව ගත්විට ඉතා සුවිශේෂ ප්‍රතිඵල ලබාගත හැකිය.
දේහයේ ඉන්සියුලින් පාලනය කිරීමට සහ මොළය මගින් ස්රාවය කරන ටි්රප්ට්රොපෑන් නිකුත් කිරිම වැඩි කිරීමට මී පැණි වලට හැකියාව පවතිනවා.
මෙම ටි්රප්ට්රොපෑන් දේහය තුලදී සෙරටොනීන් නම් රසායනිකය බවට හරවනු ලබයි. මෙම සෙරටොනින් දේහය සන්සුන්ව පවත්වා ගැනීමට දායක වෙයි. තව දුරටත් මෙම සෙරටොනින් නිදා ගැනීම සදහා දායක වන මෙලටොනීන් රසායනික සංඝටකය බවට පත්වේ.
එම නිසා මී පැණි සහ කිරි වලින් සමන්විත මෙම ප්‍රතිකාරකය මෙම සංඝටක දේහය තුලදී වැඩිපුර නිපදවීමට දායක වේ.
පහත පරිදි මෙම මිශ්‍රණය නිවසේදී ඔබට සාදාගත හැක.
අවශ්‍ය ද්‍රව්‍ය
කිරි අවුන්ස 6යි
වැනිලා නිස්සාරකයෙන් බ්ංදුවක් පමණ
මී පැණි තේ හැන්දක් පමණ
සාදා ගැනීමට
1.කුඩා භාජනයක කිරි රත් කරගන්න.(නටන තෙක් රත් කරන්න එපා)
2.රස්නය ඉවත් වන තෙක් තබා වීදුරුවකට මාරුකර වැනිලා සහ මී පැණි එයට එක් කරන්න.
3.හොදින් මිශ්‍රකර ටිකින් ටික නිදා ගැනීමට පෙර පානය කරන්න.
සැ.යු
කිරි පානයට අකමැති අය සදහා කිරි වෙනුවට සෝයා කිරි හෝ ආමන්ඞ් කිරි යොදා ගන්න.
උපුටා ගැනීමක්