Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
01
"අන්තිමට ඔක්කොටම A අරන් දෙන්න පුළුවන් වුණා..." ගුරුවරයෙකුට මීට වඩා සතුටක් වෙන කොහෙන්ද..? සතුටු හිතෙන ප්‍රතිඵල කතා ඇතුලේ තවත් වෙනස් කතාවක් මෙන්න..

- "අන්තිමට ඔක්කොටම A අරන් දෙන්න පුළුවන් වුණා..." ගුරුවරයෙකුට මීට වඩා සතුටක් වෙන කොහෙන්ද..? සතුටු හිතෙන ප්‍රතිඵල කතා ඇතුලේ තවත් වෙනස් කතාවක් මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views
සමහර දේවල් අපේ ජීවිතය අභියෝග හැටියට එකතු වෙන්නේ අපි නොසිතන වෙලාවක.. 

කාලයක් තිස්සේ නගරයේ ප්‍රසිද්ධ පාසල්වල දරුවොත් එක්ක හරි හරියට ගැටුනු මේ ගුරු මවට මේ ලැබුණු අත්දැකීම ඇත්තටම නුහුරු එකක්.. ඒ විතරක් නෙවෙයි, මුලදී අභියෝගයක් වගේ පෙනුන ගමේ ඉස්කෝලේත් අද හොඳ තැනකට ගේන්න ඒ ගුරුමව තමන්ට හැකි උපරිමයෙන්ම කැපවෙලා.. මේ කියන්නේ ඇගේ උත්සාහය ගැන කතාවක්.. ඒ විතරක් නෙවෙයි, අපේ රටේ දහසක් දරුවන්ගේ දෙනෙත් පාදන්නට බලාගෙන ගුරුවරුන්ට වටිනා ආදර්ශමත් කතාවක්..

"ප්‍රතිඵල ආවා...

මීට අවුරුදු පහකට කලින් නගරයේ ජනප්‍රිය පාසලක අවුරුදු එකොළහක් උගන්වලා, සාමාන්‍ය පෙළ පංතියක් වත් නැති ගම් ප්‍රදේශයේ දුෂ්කර පාසලකට ස්ථාන මාරුවක් ⁣දෙන්න යනකොට මම එවකට හිටපු විෂයය අධ්‍යක්ෂවරයගෙන් කරපු ඉල්ලීම උනේ අඩුම තරමින් සාමාන්‍ය පෙළ පංතියක් තියෙන පාසලක්වත් මට දෙන්න කියන එක විතරයි. සිංහල භාෂාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියකුත් තිබුණ මාව එහෙම ඉස්කෝලේකට දාන එක මට කරපු අකටයුත්තක් කියලයිමයි මට හිතුණේ.

කාලයක් මම උගන්නපු පාසලේ විදුහල්පතිවරයා වගේම පුංචි කාලේ ඉඳන් දන්න අඳුනන එකම ගමේ කෙනෙක් උනු ඔහු මට කිව්වෙ ⁣ජනප්‍රිය පාසලකට යන්න බැරි උන ඒ අහිංසක ළමයින්ටත් උගන්න දක්ෂ ගුරුවරු ඕනේ. මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ පංතියක් නැති වුණාට ලබන අවුරුද්දේ තියෙනවනේ මෙහෙ කළා වගේ ඔයා එහෙ ගිහිනුත් 100% ප්‍රතිඵල පෙන්නන්න කියලා.
කරන්න දෙයක් නැති කමට එතනින් එනකොට අන්තිමට ඔහු කිව්වෙ ඔය ගස්සගෙන පුප්පගෙන ගියාට එහෙ ගියාම ආයේ වෙන තැනකට යන්න බැහැ කියයි කියලයි.

කොහොමින් කොහොමහරි එක පංතියක ළමයි පනහක් හිටපු ඉස්කෝලෙක ඉදලා 6-11 ඔක්කොම පංතිවල ළමයි පනහක්වත් නැති, සියලුම පංති එකම ශාලාවක තියෙන තැනකට වැටුණ මම නිසා වැඩියෙන්ම අපහසුතාවයට පත්වුණේ අනෙත් ගුරුවරු.

අවුරුදු 17 ක්ම ළමයි පනහකට කිට්ටුව ඉන්න පංති වලට උගන්නලම මගේ කටහඬ හරිම සද්දෙයි. මම පංතියක උගන්නද්දි අනිත් පංතිවල ගුරුවරු ළමයි එළියට අරන් යන්නෙ ඇයි කියන එක තේරෙන්නත් ටික දවසක් ගියා.

කොහොමින් කොහොමහරි ටික දවසක් යනකොට අර වැටුණු තැන පැළවෙන්න කියන කතාවට අනුව එතනට හැඩගැහුණා. අංග සම්පූර්ණ පුස්තකාලයක් හදාගත්තා විතරක් නෙවෙයි පිස්සුවෙන් වගේ පොත් කියවන්න කෙල්ලො කොල්ලො ටික හුරු⁣ කළා.

ආර්ථික අපහසුතා තිබුණු දරුවෝ කීපදෙනෙක්ට හිතවතුන් මාර්ගයෙන් ශිෂ්‍යත්ව හදලා දෙන්නත් පුළුවන් වුණා .
හිත මිතුරනගේ පෞද්ගලික ආධාර මත පාසලට පංති කාමරයක් හදලා දුන්නා.පාසලේ සියලු ම දරුවන්ට සපත්තු දෙකේ ඉදලා පොත් බෑග් එක දක්වාම දේවල් පෞද්ගලිකවම හිතමිතුරන්ගේ මාර්ගයෙන් දරුවන්ට සපයලා දුන්නා. මිතු⁣රන්ගේ මාර්ගයෙන් අංග සම්පූර්ණ බටහිර තූර්ය වාදක කණ්ඩායමක් හදලා දුන්නා .

අවුරුදු තුනක් පුරාම තවමත් හිත මිතුරන්ගේ සහයෙන් නොකඩවා 6 -11 ⁣ශ්‍රේණිවල දරුවන්ට උදෑසන ආහාරවේල දෙන්න පුළුවන් වුණා. දරුවෝ 100 කට තනියමම කෑම හදන එක පහසු දෙයක් නොවුනට තවමත් බොහෝ සතුටින් ඒ කාර්යය කරනවා.

එයට අමතරව පාසලේ දරුවෝ වෙනුවෙන් බොහෝ කාර්යයන් කරන්න පුළුවන් වුණා.
අන්තිමට මේ අවුරුද්දේ පාසලේ විදුහල්පති විදියට වැඩ බාර ගන්න සිද්ධ වුණා.

2020 ඉදන් හැම අවුරුද්දෙම සිංහල විෂයට අමතරව ගුරුවරයෙක් හිටියේ නැති චිත්‍ර විෂයත් උගනවලා 100% ප්‍රතිඵල අරන් දෙන්න පුළුවන් වුණා.

මේ පාසලේ ගුරු හිඟය කොයිතරම්ද කියනවා නම් හිටපු ගුරුවරු කීපදෙනාට නිදහස් කාලච්⁣ඡේද නැති තරම්.
ගිය අවුරුද්දේ සාමාන්‍යපෙළ ලියන්න ළමයි 13 දෙනෙක් හිටියා.මම සිංහල භාෂාව උගන්වන ගුරුවරයා විතරක් නෙවෙයි අවුරුදු හතරක්ම පංතිභාර ගුරුවරයා.

බොහෝ දවස්වල උදේ ඉදන් හවස පහ වෙනකල්ම ගුරුවරු ළමයින්ට ඉගැන්නුවා. අන්තිම මාස කීපය රෑ එකොළහ වෙනකල් ඉගැන්නුවා.මම විතරක් නෙවෙයි ගුරු මණ්ඩලයේ ඔක්කොම පුදුම තරමේ කැපවීමකින් වැඩ කළා. අතේ තියෙන තුට්ටු දෙකෙන් තමයි ප්‍රශ්නපත්‍ර පවා ෆොටෝ කොපි කරලා දුන්නෙ. කිසිම ළමයෙක් මගේ විෂයයන් දෙකට ටියුෂන් ගියෙ නැහැ. ගොඩක් ළමයි මාත් එක්ක උනන්දුවෙන් වැඩ කළා. සමහරුන්ට බොහොම තදින් ඉන්න සිද්ධ වුණා. ඉස්කෝලේ එන්න අකමැති ළමයින්ව ගෙවල් වලට ගිහින් එක්කගෙන ආවා.කලින් වාර විභාග වලදි ලකුණු 18, 20 ගත්තු ළමයි ලකුණු 50 ට වැඩි සීමාවට ගේන එක ලේසි වැඩක් වුණේ නැහැ.

චිත්‍ර ඉගෙනගන්න ළමයි හිටියට චිත්‍ර ගුරුව⁣රයෙක් හිටියෙ නෑ. ඒ නිසාම චිත්‍ර වෙනුවට අලුතින් සිංහල රසාස්වාදය විෂයය හදුන්වා දීලා ඒකත් මමම උගන්වන්න ගත්තා.කවදාවත් සිනමා ශාලාවකට හිහින් නැති වේදිකා නාට්‍යයක් බලලා නැති ළමයින් එක්ක ගිහින් අත්දැකීම් එක්ක රසවිදීම් ඉගැන්නුවා. ගෙදර තියෙන වයිෆයි එකයි ටැබ් එකයි අරන් ගිහින් සිංදු, කවි රසවින්දා.

අන්තිමට කිකිලි අම්මයි පැටවු ටිකයි කියලා ඉස්කෝලේ ප්‍රස්තාව පිරුලකුත් හැදුණා.

විවිධ දුෂ්කරතා මධ්‍යයේ කොහොමින් කොහොම හරි ළමයි විභාගේ ලිව්වා. දැන් ප්‍රතිඵල ඇවිල්ලා.
දරුවෝ කතා කරලා ප්‍රතිඵල කියද්දි දැනෙන සතුට , ආත්ම තෘප්තිය වෙන කිසි දේකින් ලබන්න බැහැ. අන්තිමට එච්චරයි ගුරුවරයෙක්ට ලැබෙන සතුට වගේම ධනය.

අර විෂයය අධ්‍යක්ෂවරයා දැන් කොටිඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් විදියට විශ්‍රාම ගියා. ඔහුගේ කතාව හරි. මම මගේ කාර්යය හරියට කළා.

අන්තිමට අලුතින්ම ඉස්කෝලෙට හදුන්වා දුන් සාහිත්‍යය රදාස්වාදය ලියපු ළමයි ඔක්කොටම A අරන් දෙන්න පුළුවන් වුණා.

අවසානයට මම උගන්නපු විෂයයන්වලට දරුවන් ලබාගත්තු ප්‍රතිඵලත් දාන්නම්.

සිංහල භාෂාව හා සාහිත්‍ය(ළමයි 13යි.)

A - 7
B- 4
C - 1
S - 1

සිංහල සාහිත්‍යය රසාස්වාදය..(ළමයි 7යි.)

A- 07

බොහෝ විට මේ මගේ ඉගැන්වීමේ අවසන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය වේවී.. දැන් මම උගන්වන්නේ නැහැ.

හැබැයි ගුරුවරයෙක් විදියට මම මගේ කාර්යය හරියටම කළා කියන ආත්ම තෘප්තිය කවදාවත් මිල කරන්න බැහැ.

...ශානිකා පවනී ⁣හේවගේ..."


 
මුහුණුපොත ඇසුරෙන්..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top