Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
01
සෙවනැල්ලක් සේ සිටී ඔබ රැකුමට වැඩිහිටියන්.. ඉතින් ඔබට හැකිවේවි දිනන්නට හෙට ලෝකයම සතුටෙන්.. ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි..

- සෙවනැල්ලක් සේ සිටී ඔබ රැකුමට වැඩිහිටියන්.. ඉතින් ඔබට හැකිවේවි දිනන්නට හෙට ලෝකයම සතුටෙන්.. ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14 Views
අද ඔක්තෝබර් මාසේ පළවෙනි දවස..

අපි හැමෝටම මේ දවස විශේෂ වන්නේ සෑම වසරකම විවිධ තේමාවන් ඔස්සේ ඔක්තෝබර් මාසයේ පළවෙනි දවසේ ලෝක ළමා සහ වැඩිහිටි දිනය සමරනවා.. 

අදත් අන්න ඒ වගේ විශේෂ දවසක්.. ඒ නිමිත්තෙන් සංවිධානය කරන ලෝක ළමා හා වැඩිහිටි දින සැමරුම් ජාතික උත්සවය අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේ දී අද පෙරවරු 9ට පැවැත්වීමට නියමිතයි.

මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ''දරුවන් රැකගමු සම සේ රැකගමු'' යන්නයි.

එක්සත් ජාතීන්ගේ යෝජනාවකට අනුව ලෝක ළමා දිනය සැමරීම ආරම්භ වන්නේ 1954 වසරේදීයි.

ළමා අයිතිවාසිකම් පිලිබද ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු 18ට අඩු සියළු දෙනා ළමුන් ලෙස සැලකෙනවා.

ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, ''ලෝකය ළමයින්ටයි ඔවුන්ගේ ලෝකය අපේ දෑතින් ගොඩ නගමු'' යන්නයි.

''මේ සහශ්‍රකයේ දරුවන් මුහුණ දෙන අභියෝග ලෙස දිළිඳුකම, මන්දපෝෂණය, සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව, පරිසර විනාශය, අධ්‍යාපනයේ අසමතුලිත බව, සමාජ අවස්ථාවල අසමාන බව, මත්ද්‍රව්‍ය මෙන්ම තාක්ෂණය අනිසි ලෙස භාවිතයේ ගොදුරු බවට පත්වීම යනාදිය අපි හඳුනාගෙන ඇත්තෙමු.

එසේම දරුවන්ගේ මනෝ සමාජයීය සංවර්ධනයට බාධා කරන සමාජයීය සාධක මෙන්ම ආතතියෙන් පිරුණු විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව යනාදී අගතීන් ගෙන් වත්මන් ළමා පරපුර මුදවාගෙන දරුවන්ට හිමි ළමා ලෝකය නැවත දරුවන්ට දිනා දීම අපගේ පුනරුද යුග කාර්යයේ මාහැඟි අරමුණයි.

කයින් මනසින් මෙන්ම අධ්‍යාත්මයෙන්ද නිරෝගී සුපසන් ළමා පරපුරක් බිහිකිරීම මඟින් අනාගත ලොව දිනන නිදහස් පරිකල්පනයකින් යුතු නිවහල් උදාර මිනිසා නිර්මාණය වන බව අපි විශ්වාස කරන්නෙමු.

ඒ සඳහා අවශ්‍ය ආර්ථික නිදහස මෙන්ම මානව දයාව, අන්‍යෝන්‍ය විශ්වාසය, ගරුත්වය සහ පිළිගැනීමෙන් යුක්ත සමාජය නිර්මාණය කිරීම සහ ස්වභාවික සම්පතින් සපිරි පාරිසරික උරුමය රැක දීමටත් අවැසි දේශපාලනික පරිවර්තනය අපි ප්‍රමුඛ කාර්යය සේ සළකා ඉටුකිරීමට කැපවෙමු.
එකී වගකීමට අපි සැම වගවෙමු'' යනුවෙන්.

මේ අතර, ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, ''අපේ අනාගතය සඳහා කරන ආයෝජනයන් යනු අපේ දරුවන් වෙනුවෙන් ආයෝජනය කිරීමයි”‍ යන මෙවර ජාත්‍යන්තර ළමා දින තේමාව, පාඨයකට සීමා නොකර යථාර්තයක් කිරීම අප රජයේ අරමුණයි. රටේ සෑම දරුවකුට ම උසස් තත්ත්වයෙන් යුතු නිදහස් අධ්‍යාපනයක් ලබා දීමට අපි කැප වී සිටිමු. ආර්ථික වශයෙන් ශක්තිමත් දේශයක දරුවන් දැනුමෙන් සන්නද්ධ කිරීම අපගේ දැක්මයි.

එමෙන්ම, අධ්‍යාපන ආයතන ද ඇතුළුව සියලු‍ ස්ථානවල ළමයින්ට මුහුණ දීමට සිදු වන කායික හා මානසික හිංසනයන්ට රජයක් ලෙස අපි තරයේ විරුද්ධ වෙමු. ආදරය, කරුණාව, රැකවරණය සහ සතුට පිරුණු පරිසරයක හැදී වැඩෙන දරුවන් දයානුකම්පාව, අවබෝධය සහ අන්‍යෝන්‍ය ගෞරවය සහිත පරම්පරාවක් නිර්මාණය කරයි. සෑමවිටම දරුවන්ගේ උපරිම යහපත වෙනුවෙන් අපගේ ප්‍රමුඛතාවය ලබා දෙන්නෙමු.

අපි වැඩිහිටි දිනය සමරන මොහොතේ, අපේ රටේ ප්‍රගතියට මෙතරම් දායක වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අපි ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු. 2024 ලෝක වැඩිහිටි දින තේමාව වන “ගෞරවාන්විතව වයස්ගත වීම: ලොව පුරා වැඩිහිටි පුද්ගලයින් සඳහා සත්කාර සහ ආධාරක පද්ධති ශක්තිමත් කිරීමේ වැදගත්කම”, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සමාජ ආරක්ෂණය වැඩි දියුණු කිරීම සඳහා වන අප රජයේ ඇති කැපවීම සමඟ සමපාත වෙයි. වැඩිහිටියන් සඳහා, විශේෂයෙන් ශ්‍රම බලකායට දායක වෙමින් තම ජීවිත ගත කළ අය වෙනුවෙන් විශ්‍රාම ප්‍රතිලාභ වැඩිදියුණු කිරීමටත් සෞඛ්‍ය සේවා සඳහා නොමිලේ සහ සමාන ප්‍රවේශයක් සහතික කිරීමටත් අපගේ රජය කැපවී සිටියි. මේ වන විට නිවෙස් තුළ වැටුප් නොලබන සුරැකුම් කටයුතු සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ද වැඩි වැඩියෙන් දායක වීමට සිදු වී ඇතැයි යන කරුණ පිළිබඳව අපි ඉමහත් ලෙස සංවේදී වෙමු. සුරැකුම් කටයුතුවල වගකීම සාධාරණ ලෙස බෙදා ගැනීම සඳහා පවුල්වලට ප්‍රමාණවත් සහයෝගයක් ලැබෙන බවට සහතික කිරීම අප රජයේ වගකීමයි.

අපගේ දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ යහපැවැත්ම සඳහා වැඩ කිරීමට අපි අත්වැල් බැඳ ගනිමු. සියලු‍ ශ්‍රී ලාංකිකයන් සඳහා පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් ගොඩනැගීමට අපි දිවිහිමියෙන් කැප වී සිටිමු.'' යනුවෙන්.

මේ අතර, ලෝක ළමා දින සැමරුමට සමගාමීව දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය, පින්නවල සත්වෝද්‍යානය, හම්බන්තොට සපිරී යන උද්‍යානයන් සදහා වයස අවූරදු 12න් පහළ සියලු ළමුන්ට නොමිලයේ ඇතුල්වීමට පහසුකම් සලසා තිබෙනවා.

ඊට සමගාමීව දෙහිවල ජාතික සත්වෝද්‍යානය පරිශ්‍රයේදී වැඩසටහන් රාශියක් පෙ.ව 8.30 සිට ප.ව.5.00 දක්වා සංවිධානය කර තිබෙනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top