හංවැල්ල, නෙළුවන්තුඩුව ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව සඳහන් කළේ, අද (30) රාත්‍රි 8.15ට පමණ එම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ, 55ක් හැවිරිදි පුද්ගලයෙක්.
එම පුද්ගලයා නිවසේ සිටියදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.