අමෙරිකාවේ සුප්‍රසිද්ධ ගායකයෙකු, ගීත රචකයෙකු සහ නළුවෙකු වූ ක්‍රිස් ක්‍රිස්ටෝෆර්සන් පසුගිය 28 වැනිදා මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු අමෙරිකාවේ හවායිහි පිහිටි ඔහුගේ නිවසේදී මියගොස් ඇති බවයි ඔහුගේ පවුලේ අය සඳහන් කරන්නේ.
මියයන විට ඔහු 88 වැනි වියේ පසුවූවා.
ඔහු එරට සුපිරි සංගීත තරුවක් සහ A-list හොලිවුඩ් නළුවෙක්.
මෙතෙක් ඔහුගේ මරණයට නිශ්චිත හේතුවක් වාර්තා වී නොමැති අතර, ඔහුගේ පවුලේ අය සඳහන් කරන්නේ පවුලේ සියලු දෙනා වට කරගෙන ඔහු සාමකාමීව මියගිය බවයි.
70 දශකයේ මැද භාගයේදී, ඔහු Martin Scorsese සහ Sam Peckinpah ඇතුළු චිත්‍රපට අධ්‍යක්ෂවරු රැසක් සමග කටයුතු කර තිබෙනවා.
එමෙන්ම 1976 දී ඔහු රංගනයෙන් දායක වූ A Star is Born චිත්‍රපටය සඳහා සම්මානයට ද පත්‍ර වී තිබෙනවා.
Me and Bobby McGee, Help Me Make It through the Night ආදීය ඔහුගේ ගීත රචනය සඳහා ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.