නව රජය බලයට පත්වීමත් සමග අමාත්‍යාංශ 17ක් සඳහා ඉකුත් අඟහරුවාදා නව ලේකම්වරු පත් කළ අතර, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ධුරයට යළි පත් කෙරුණේ, පසුගිය රජය සමයේදී එම ධුරය දැරූ ප්‍රදීප් යසරත්නයි.
කෙසේ වෙතත්, ප්‍රදීප් යසරත්න ධුරයෙන් ඉවත්වන බව, පසුගිය සිකුරාදා අදාළ අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දී තිබුණා.
දෙසැම්බර් මාසයේදී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබුණත්, පෞද්ගලික අවශ්‍යතාවක් මත ඊට පෙර විශ්‍රාම ගැනීමට ප්‍රදීප් යසරත්න ඉල්ලීමක් කර තිබූ අතර, ඒ අනුව අද (30) සිට ධුරයෙන් ඉවත් වූ බව හිරු ප්රවෘත්ති කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළා.
ඒ අනුව, අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශ ලේකම් ධුරය පුරප්පාඩු වී තිබෙනවා.