මාසික ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
ඒ අදාළ ගාස්තු සංශෝධනය පසුගිය ආණ්ඩු සමයේදී මාසයේ අවසන් දින සිදු කෙරුණු පසුබිමකයි.
කෙසේවෙතත් පසුගිය ජනාධිපතිවරණයෙන් ජයගත් ජාතික ජනබලවේගය විසින් ඉන්ධන මිල සූත්රය ඉවත් කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් කිසිදු ප්රකාශයක් සිදු කර නැහැ.
පසුගිය මාසයේ මිල සූත්රයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු කිරීමට කටයුතු කළ අතර එය මේ වනවිට රුපියල් 332කට අලෙවි කරනවා.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 02කින් අඩු කළ අතර එහි වත්මන් මිල රුපියල් 377ක්.
රුපියල් 10කින් මිල අඩු කෙරුණු සුදු ඩීසල් මේ වනවිට රුපියල් 307කට ලබා ගත හැකි වනවා.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් පහත දැමුණු අතර එහි අලෙවි මිල වන්නේ රුපියල් 352ක් භූමිතෙල් ලීටරයක් මේ වනවිට රුපියල් 352කට අලෙවි කෙරෙනවා.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මිල ගණන්වලට සාපේක්ෂව ඉන්ධන අලෙවි කිරීමටයි කටයුතු කරන්නේ.