Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
29
අධික රථ වාහන ශබ්දය නිසා පිරිමි ඔබට සිදුවෙන අයහපත මෙන්න

- අධික රථ වාහන ශබ්දය නිසා පිරිමි ඔබට සිදුවෙන අයහපත මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
සුඛෝපභෝගී රථ වාහනයක ගමන් කිරීම ඇවිද යෑමට වඩා පහසුයි. 

නූතන තාක්ෂණයේ දියුණුවත් සමඟ බොහෝ දෙනකු දෙපයින් ඇවිද යෑමට දක්වන්නේ දැඩි අකැමැත්තක්. බැලූ බැලූ තැන රථ වාහනයක් දකින්නට ලැබෙන්නේ ඒ නිසාමයි. අද කතාබහට ලක් කරන්නේ නව අධ්‍යයනයකින් රථ වාහන ශබ්දය හා පරිසර දූෂණය වඳභාවයට හේතුවන බවට සොයාගත් පර්යේෂණයක් පිළිබඳවයි. අද වන විට ලොව පුරා පුද්ගලයන් හය දෙනකුගෙන් එක් අයකු වඳභාවයට ගොදුරු වී ඇති බවට තොරතුරු දැක්වෙනවා.

ලෝක ජනගහනයෙන් අඩකට වඩා දැන් නාගරික ප්‍රදේශවල ජීවත්වන නිසාම ඝෝෂාකාරී හා දූෂිත නගරවල ජීවත් වීමේ ප්‍රතිවිපාක ලැබෙමින් පවතිනවා. ඩෙන්මාර්කයේ නව අධ්‍යයනයක් මඟින් වඳභාවය ගවේෂණය කිරීම සඳහා රට පුරා දත්ත රැස්කර තිබෙනවා. මෙම පර්යේෂණය ඔස්සේ කෙරුණු ගවේෂණයේදී වායු දූෂණයට දිගුකාලීනව නිරාවරණය වීම හා රථ වාහන ශබ්දය ඉහළ වඳභාවයට සම්බන්ධ විය හැකි බවට සොයාගත් බව දැක්වෙනවා. නමුත් විශේෂත්වය වන්නේ පිරිමි පාර්ශ්වයට සහ කාන්තා පාර්ශ්වයට මේ බලපෑම වෙනස් ආකාරයෙන්ම ලැබීමයි.

රථවාහන ශබ්දය හා පරිසර දූෂණය මිනිස් සිරුරටත් බලපෑම් සිදුකරන බව කොයි කවුරුත් දන්නවා. මිනිස් සෞඛ්‍යයට එහි ඍණාත්මක බලපෑම් හොඳින් තහවුරු වී ඇති අතර පිළිකා හා හෘද රෝගවලට ප්‍රධාන හේතුවක් විධියට දක්වන්න පුළුවන්. දූෂිත වාතය ආශ්වාස කිරීමෙන් රසායනික ද්‍රව්‍ය රුධිරය හරහා ප්‍රජනක මාර්ගයට ද ගමන් කළ හැකියි. හෝර්මෝන විනාශ කිරීමෙන් හෝ ශුකාණුවලට සෘජු හානි සිදු කිරීමෙන් සාරවත් බව අඩු කළ හැකියි.

සාරවත් බව වෙනස් කළ හැකි මෙම නව අධ්‍යයනය ඩෙන්මාර්කයේ සිදු කළ අතර එමඟින් සෑම පදිංචිකරුවකුම අනන්‍යතාවය හ¾දුනා ගැනීමේ අංකයක් භාවිත කරමින් ඔවුන්ගේ ජීවිත කාලය තුළ බහුජාතික දත්ත සමුදායන් වෙත දත්ත රැස් කළ බවට දැක්වෙනවා. පුද්ගලයකුගේ සෞඛ්‍ය සහ ඔවුන් ජීවත්වන ස්ථානය, ඔවුන්ගේ රැකියාව, අධ්‍යාපන, ඉතිහාසය හා පවුලේ වැනි සාධක අතර සම්බන්ධතා විමර්ශනය කිරීමට රට පුරා දත්ත

පර්යේෂකයන්ට ඉඩ සලසනවා. මෙම අධ්‍යයනයේ මූලික අරමුණු වූයේ ගැබ් ගැනීමට උත්සාහ කරන පුද්ගලයන් සොයා ගැනීම හා වඳභාවයේ අවදානම සොයා ගැනීමයි. මිලියන 2කට අධික පිරිමින් සහ කාන්තාවන් ප්‍රජනක වයසේ පසුවන්නන් වෙයි. වයස අවුරුදු තිහට පෙර වඳභාවය හ¾දුනාගෙන ඇති අතර තනිව ජීවත් වූ හෝ ලියාපදිංචි සමලිංගික හවුල්කාරිත්වයක් ඇති ඕනෑම අයකු එයින් බැහැර කර තිබෙනවා. මෙම නිර්ණායකවලට ගැළපෙන

කාන්තාවන් 377,850ක් සහ පිරිමින් 526,056ක් තහවුරු වී තිබෙනවා. පර්යේෂකයන් එක් එක් නේවාසික ලිපිනය මාර්ග තදබදයට සහ වායු දූෂණයට කොපමණ ප්‍රමාණයක් නිරාවරණය වී ඇත්ද යන්න තක්සේරු කර තිබෙනවා. ඔවුන් පිරිමින් 16,172ක් සහ කාන්තාවන් 22,672ක වඳභාවය හෙළි කරගෙන තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ ප්‍රමාණයට වඩා 1.6 ගුණයකින් වැඩි PM 2.5 මට්ටම්වලට නිරාවරණය වන පිරිමින් සඳහා වඳභාවයේ අවදානම 24% වැඩි බව අධ්‍යයනයෙන් හෙළි වී තිබෙනවා.

කාන්තාවන් සඳහා සාමාන්‍ය ඩෙසිබල් 55-60ට වඩා ඩෙසිබල් 10.2 වැඩි රථවාහන ශබ්දයට නිරාවරණය වීම 35ට වැඩි අය සඳහා 14% වැඩි වඳභාවයේ අවදානමට ගොදුරු වෙනවා.

රථ වාහන ශබ්දය හා පාරිසරික දූෂණය ක්ෂණික හා දීර්ඝකාලීන බලපෑම් ඇති කළ හැකි ආකාරය පිළිබඳවත් පිරිමි හා ගැහැනුු ප්‍රජනනයට වෙනස් විධියට බලපාන බවත් ඉස්මතු කරගෙන තිබෙනවා.

මාර්ක් ගී්‍රන් මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරයකු වන අතර Monash IVF හි නියෝජ්‍ය විද්‍යාත්මක අධ්‍යක්ෂයි. ඔහුගේ විද්‍යාගාරය සශ්‍රීකත්වය කෙරෙහි අන්තරාසර්ග කඩාකප්පල් කරන රසායනික ද්‍රව්‍ය (EDCs) වැනි පාරිසරික දූෂකවල අහිතකර බලපෑම් හ¾දුනා ගැනීමට ඉදිරියටත් පර්යේෂණ පවත්වන බවට දැක්වෙනවා.

මෙම අධ්‍යයනයෙන් දැක්වෙන විධියට නුදුරු අනාගතයේදීම රථවාහන ශබ්ද දූෂණය හා පරිසර දූෂණයේ ප්‍රතිඵලය මිනිස් ලෝකයට ලැබීමට නියමිතයි. ඒ භයානක ඉරණම අත්වීමට පෙර පරිසර දූෂණය අවම කර ගැනීමට අවධානය යොමු කිරීම කාටත් සතුට කැන්දන සුබ බලාපොරොත්තුවක් ජීවිතයට එක් කරයි.
( මව්බිම )
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top