Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
29
පිටරට ඉන්න ලාංකික ධනවතුන් අන්දා සල්ලි සූරා කෑ යාපනයේ සුරූපිණියෝ

- පිටරට ඉන්න ලාංකික ධනවතුන් අන්දා සල්ලි සූරා කෑ යාපනයේ සුරූපිණියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
ඇතැම් ධනවත් පිරිමි අය ඉතා සුක්ෂමව රවටා ඔවුන් සතු මිල මුදල් රන් ආභරණ සංවිධානාත්මකව පැහැරගෙන යන කතුන් සම්බන්ධයෙන් පොලිසියට මෑතක සිට ලැබෙන පැමිණිලි සංඛ්‍යාවේ කිසියම් වර්ධනයක් දක්නට ඇති බව පෙනෙන්නට ඇත්තේ රට පුරා වාර්තා වන එවැනි සිදුවීම් නිසාය.

කරවල මිලදී ගැනීම සඳහා මහනුවර සිට කොළඹට පැමිණි ව්‍යාපාරිකයකු ඉතා සුක්ෂමව රවටා පංචිකාවත්තේ නවාතැන් පොළකට ගෙන ගොස් ත්‍රීරෝද රථ රියැදුරෙකු සමඟ එකතු වී ව්‍යාපාරිකයාට පහරදී ඔහු සතු රුපියල් ලක්ෂයක් පමණ වටිනා මුදල් සහ ජංගම දුරකතනය පැහැරගෙන ගිය කතක් පිළිබඳව මරදාන පොලිසිය මේ වන විටත් විමර්ශනයක් සිදු කරමින් සිටී.

අන්තර්ජාලයේ දැන්වීමකට අනුව තම සිරුර සම්බාහනය කර ගැනීම සඳහා ‘ස්පා කතක්’ ගල්කිස්ස හෝටලයකට ගෙන්වා ගත් වැල්ලවත්තේ ව්‍යාපාරිකයකුටද පසුගියදා සිදු වූයේ ස්පා කතා සමග එහි පැමිණි පිරිමි දෙතුන් දෙනෙකුගේද ගුටි බැටවලට ලක්ව තමන් සන්තකයේ තිබුණ රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා රන් ආභරණ අහිමිකර ගැනීමටය. මේ සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා ගල්කිස්ස පොලිසියට ද පැමිණිල්ලක් කර තිබිණි.

තම ත්‍රිරෝද රථය අලුත්වැඩියා කර ගැනීමට යැයි කියා ත්‍රිරෝද රථ අලුත්වැඩියා කරන මිකැනික් කෙනෙකු හමු වු ‘සඳමාලි’ යනුවෙන් තමන් හඳුන්වා දුන් තරුණ කතක් වැලිකඩ ත්‍රී විල් මිකැනික් බාස් කෙනෙක් උපක්‍රමශීලීව රවටා නවාතැන් පොළකට කැඳවාගෙන ගොස් ඔහුට බීම වර්ගයක් පානය කිරීමට සලස්වා සිහිසුන් වු විට ඔහු සතු රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා රන් ආභරණ සහ ජංගම දුරකතනය සොරකම් කරගෙන පලාගොස් තිබුණු අතර වැලිකඩ පොලිසිය ඒ ගැන මේ වන විට විමර්ශනයක් ආරම්භ කර සැකකාරිය අල්ලා ගෙන ඇත.

ඊට අමතරව නාඳුනන කාන්තාවක සමඟ බළංගොඩ සමනල වැව ප්‍රදේශයේ ඉඩමක් විකිණීමට ගිය වැලිගම ධනවත් ව්‍යාපාරිකයකුටද පසුගියදා සිදු වූයේ ඔහු සතු රුපියල් කෝටි දහයක් පමණ වටිනා රන් පවුම් 50ක් බර රන් මාල තුනක්, පෙන්ඩන්ට් 3ක් සහ ජංගම දුරකතන අදාළ කාන්තාවට ‘පුදා’ අන්තිමේදී සිහිය විකල් කර ගැනීමටය.

අදාළ ව්‍යාපාරිකයා සිය වෑන් රථයෙන් බළංගොඩ සමනල වැව ප්‍රදේශයට යද්දී අතර මඟ වෑන් රථය නතර කර තමන් සමඟ ගිය නාඳුනන කාන්තාව සමඟ මත්පැන් පානය කර ඇත. එම මත්පැන්වලට කිසියම් විෂ ද්‍රව්‍යයක් එක්කාසු කර ඇති මේ කාන්තාව ව්‍යාපාරිකයා විසඥ වු පසු ඔහු සතු රුපියල් දස කෝටියක් පමණ වටිනා රන් බඩු රැගෙන පලාගොස් තිබේ.තනි තනිව මෙසේ අපරාධවල නිරතවන ඇතැම් කතුන් සේම කල්ලි කණ්ඩායම් හදාගෙන අපරාධ සිදු කරන කාන්තාවන්ද නැත්තේම නැත. එවැනි කතුන් තිදෙනෙකු එක් වී කළ මහා පරිමාණයේ මුදල් වංචාවක් ගැන පසුගියදා වාර්තා වුණේ යාපනය පොලිස් ස්ථානයෙනි.

මේ කතාව වාර්තා වන්නේ මෙසේය.

යාපනයේ පදිංචි ධනවත් දෙමළ ජාතිකයකු මේ වන විට පදිංචිව සිටින්නේ ස්විස්ටර්ලන්තයේය. 53 හැවිරිදි ඔහු ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවයද ලබා සිටී.

මේ ධනවත් දෙමළ ජාතිකයා ගැනත් ඔහුගේ චර්යාවන් සහ අවශ්‍යතා ගැනත් හොඳින් අධ්‍යයනය කරන යාපනයේ කතුන් දෙදෙනෙක් මේ ව්‍යාපාරිකයා රවටා ඔහු සතු මිල මුදල් ලබා ගැනීම සඳහා සැලැසුමක් සකස් කරන්නේ පසු ගියදාය. එම සැලැසුමට අනුව මේ කතුන් දෙදෙනා ඒ සඳහා යොදා ගන්නේ වයස අවුරුදු 23 ක යුවතියකි.

අදාළ යුවතිය යොදා සකස් කරන ලද ‘ටික් ටොක්’ විඩියෝවක් මේ කතුන් දෙදෙනා ස්විස්ටර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයාගේ ජංගම දුරකතනයට යවන්නේ ඉන් අනතුරුවය.

එම ටික් ටොක් වීඩියෝව නරඹන ශ්‍රී ලාංකිකයා එය තමාට එවු යාපනයේ පදිංචි 23 හැවිරිදි යුවතියට කතා කර ඇය සමඟ මිතුදමක් ගොඩනඟා ගන්නේ දින කිහිපයකට පසුවය.

වැඩිහිටි කතුන් දෙදෙනාගේ සැලැසුම අකුරටම ක්‍රියාත්මක වන්නේ ඒ අයුරිනි. ස්විස්ටර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ධනවත් පුද්ගලයාට තම නිරුවත වීඩියෝ කෝල් ඔස්සේ දකින්නට සලස්වන යාපනය යුවතිය ඉන් නොනැවති ලිංගික ක්‍රියාකාරකම්වලද නිරත වෙමින් එම දර්ශන වීඩියෝ කෝල් මගින් ස්විස්ටර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයාට දැකීමට සලස්වන්නේ තවත් ටික දවසකිනි.

මේ දෙදෙනා මෙලෙස නිරුවත් වීඩියෝ දර්ශන හුවමාරු කර ගනිද්දී යාපනය තරුණිය ස්විස්ටර්ලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික ධනවතාගෙන් වියදමට මුදල් ඉල්ලුවාය. යුවතියගේ බැංකු ගිණුම් අංකය ගෙන්වා ගත් ධනවත් පුද්ගලයා ඇගේ ගිණුමට වතා කිහිපයකදී මුදල් යොමු කළේ ‘මතු බලාපොරොත්තු’ ඇතිවය. මෙලෙස ඔහු රුපියල් ලක්ෂ 50 ක් තරුණියට ටික කාලයක් ඇතුළතදී එවා තිබිණි.

තවත් දින කීපයක් ගත වෙද්දී තමා පෙම් කරන යාපනය යුවතියගේ කිසියම් වෙනසක් ස්විස්ටර්ලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයාට දැනිණි. ඇය වෙනදා මෙන් තමාට වීඩියෝ කෝල් නොගන්නා බවද ඔහුට වැටහිනි. එක පාරටම යාපනයේ තරුණියගේ ජංගම දුරකතනය ද ගොළු විය.

තම ශ්‍රී ලාංකික පෙම්වතිය කිසියම් කරදරයකට මුහුණ පා ඇතැයි සිතු ධනවත් පුද්ගලයා ඇය යාපනයේදී හමු වී ඇය සමඟ නිවාඩුවක් ගත කිරීමට සහ තමන්ගේ යාපනයේ වෙසෙන ඥාතීන් බැලීම සඳහා ස්විස්ටර්ලන්තයේ සිට මෙරටට එන්නේ පසුගියදාය.

යාපනයට පැමිණි ඔහු තම 23 හැවිරිදි පෙම්වතිය දුන් ලිපිනයට ඇය සොයා ගියත් එවැනි යුවතියක් එහි නැති බව දැනගෙන තමා කිසියම් කපටි කෙල්ලකට රැවටුණු බව තේරුම්ගෙන යාපනය පොලිසියට එන්නේ මේ ගැන පැමිණිලි කිරීම සඳහාය.

පැමිණිල්ල සටහන්කර ගැනීමෙන් අනතුරුව පොලිසිය මුලින්ම සිදු කරන්නේ ධනවත් පුද්ගලයා මුදල් එවු මෙරට බැංකු ගිණුම කාගේදැයි පරීක්ෂා කිරීමයි. ඒ අනුව හෙළිවන්නේ මෙය වයස අවුරුදු 47 ක් පමණ වන කාන්තාවක් විසින් පවත්වාගෙන යන ගිණුමක් බවයි.

එම කාන්තාව සොයා ගිය පොලිසිය ඇය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී ස්විස්ටර්ලන්ත ධනපතියා ‘අන්දා’ ඔහුගෙන් මුදල් කඩා වඩා ගත් හැටි මුළුමනින්ම අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි විය. 23 හැවිරිදි යුවතිය සහ සෙසු කතුන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය.

යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.
( සිළුමිණ )
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top