උදෑසන කිසිවක් ආහාරයට ගැනීමට පෙර හෝ පානය කිරීමට පෙර හිස් බඩට සුදු ළුණු ආහාරයට ගැනීම ප්‍රතිජීවක ඖෂධයක් බවට සොයාගෙන තිබෙනවා.
උදෑසනම සුදු ළුණු ආහාරයට ගැනීම මගින් අධි රුධිර පිඩනයට සුවදායක වෙනවා.
මෙමගින් රුධිර සංසරණයට උදවු වනවා පමණක් නොවේ විවිධ හදවත් රෝග වලටද සුවය ලැබෙනවා. තවද අක්මාවේ සහ මුත්‍රාශයේ නිසි ක්‍රියාකාරිත්වයට උපකාර වෙනවා.
සුදු ළුනු මගින් පාචනය වැනි රෝග සදහාද ප්‍රතිකාරයක් වෙනවා. සමහර පුද්ගලයන් පවසන්නේ මෙමගින් ස්නායු වල ගැටළු වලටද ප්‍රතිකාරයක් වන බවයි, මේ සියළුම වාසි අත් වන්නේ සුදු ළුනු හිස් බඩ ආහාරයට ගැනීමෙනුයි.
විකල්ප බෙහෙතක් ලෙස සැලකුවිට සුදු ළුනු ශරීරය පිරිසිදු කර දෙන හොද ආහාරයක් වෙනවා. එමගින් පරපෝෂිතයන් සහ පණුවන් ඉවත් කර, දිය වැඩියාව, බෝවන උණ, මානසික අවපීඩනය හා සමහර පිළිකා වර්ග වලටද සුවය ගෙන දෙනවා.
සුදු ළුනු ඔබට අසාත්මික නම්,
කිසි විටකවත් සුදු ළුනු අමුවෙන් ආහාරයට නොගන්න. තවද ඔබේ සමේ ලප, අධික ශරීර උෂ්ණත්වය හා හිසරදය ඇතිවෙනවා නම් සුදු ළුනු පරිභෝජනය නොකරන්න.
HIV/AIDS රෝගයට ප්‍රතිකාර ගන්නා පුද්ගලයන් මෙවන් ආකාරයට සුදු ළුනු පරිභෝජනය කල වි අතුරු ප්‍රතිඵල ඇතිවිය හැකිය. එම නිසා මේ සෞඛ්‍ය තත්වය ගැන සැලකිලිමත් වී ඉතාමත් ප්‍රවේශමෙන් කටයුතු කරන්න.
ඔබ සුදු ළුනු පරිභෝජනය කිරීමට පෙර ඔබට එය ගැලපෙනවාද යන වග හොදින් සොයා බලන්න.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -