මේ කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක්..
ජනාධිපති අනුර දිසානායක සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ අතර අද විශේෂ සාකච්ඡායක් සිදුව තිබුණා..
ඒ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන්.. මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන එක්ව සිටියා..
රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාවලිය ඇතුළු ආර්ථිකයට බලපාන කරුණු රාශියක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා...