ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පිහිටුවනු ලබන නව කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දුන්නා..
මෙය ලංකා ඉතිහාසයේ පිහිටුවීමට යන කුඩාම කැබිනට් මණ්ඩලය ලෙස ද වාර්තා අතරට එක්වෙනවා...
ඒ අනුව, ජනාධිපතිවරයා , අගමැතිනි සහ විජිත හේරත් යන පිරිස අතරේ මෙම නව කැබිනට් අමාත්‍ය ධුර බෙදී ගියා..
ජනපති අනුර දිසානායක යටතට පත්වූ අමාත්‍යාංශ ලෙස,
ආරක්ෂක අමාත්‍යාංශය
මුදල් ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති සම්පාදන සැලසුම් සහ සංචාරක අමාත්‍යංශය
බලශක්ති අමාත්‍යාංශය
කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග ධීවර හා ජල සම්පත් අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යටතට පත්වන අමාත්‍යාංශ ලෙස,
අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය
අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය,
කාන්තා ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය
වෙළඳ වාණිජ,
ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
සෞඛ්‍ය අමාත්‍යාංශය
අමාත්‍ය විජිත හේරත් යටතට පත්වන අමාත්‍යාංශ ලෙස,
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු,
ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්‍ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශය,
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය,
මහජන ආරක්ෂක අමාත්‍යාංශය ,
විදේශ කටයුතු අමාත්‍යාංශය