මෙවර ජනාධිපතිවරණය සඳහා ඔබේ මනාපය ලබාදීමට තවත් ඇත්තේ හෝරා කිහිපයක් පමණයි..
අද උදෑසන සිට මේ වන විට දිවයිනේ සෑම ප්රදේශයකින්ම ඡන්දය භාවිත කළ පිරිස් ගැන වාර්තා වුණා..
මේ කියන්න යන්නේ තවත් ඒ ගැන ඇසෙන කතාවක්.. දහවල් 1.00වන විට රට පුරා දිස්ත්රික්කවල ඡන්දය භාවිත කිරීමේ ප්රතිශතයන් පිළිබඳ තොරතුරු මේ වන විට වාර්තා වී තිබෙනවා..
ඒ අනුව පොළොන්නරුව සහ රත්නපුර දිස්ත්රික්ක තුළ 55%ක ප්රතිශතකයක්ද ගම්පහ දිස්ත්රික්කය තුළ 52%ක ප්රතිශතකයක්ද ඡන්දය භාවිතාකර ඇති බව වාර්තා වෙනවා..
ත්රීකුණාමලය දිස්ත්රික්කය තුළ 51%ක් ප්රතිශතයක්ද කොළඹ දිස්ත්රික්කය තුළ සහ කුරුණෑගල දිස්ත්රික්කය තුල 50%ක ඡන්ද ප්රතිශතයක් වාර්තා වී ඇති බව සඳහන්..
කුරුණෑගල 50%, කෑගල්ල 49%, ගාල්ල 45%, පුත්තලම 42%ක් සහ මාතර දිස්ත්රික්කය 40%ක ඡන්ද ප්රතිශතයක් වාර්තා වී තිබෙනවා..
එමෙන්ම නුවර සහ බදුල්ල 40%ක ඡන්ද ප්රතිශතයක් සහ යාපනය දිස්ත්රික්කය තුළ 35%ක ඡන්ද ප්රතිශතයක් වාර්තා වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ..