මේ එන පෝය දිනයට ලස්සන සඳක් දැක ගන්න හැකියාවක් ඔබට තියෙනවනේ.
සඳ ගැන ඕනෑ තරම් කවි , සිංදු , නිසදැස් තියෙනවනේ.මගේ තනියට සඳ ඉන්නවා කියලත් කියනවා අපි අහලා තියෙනවා.
හැබැයි මේ කියන්න යන්නේ සඳ තනියට එන තවත් සඳවතියක් ගැන.
හැබැයි මේ සඳවතිය තාවකාලිකව තමයි අපේ පෘථිවියට අයිති සඳ එක්ක ඉන්නේ.
මාස දෙකක කාලයක් මේ කුඩා සඳ අපේ පෘථිවිය ආසන්නයේ තිබෙන බව සඳහන්.
මේ සඳවල් දෙකම අප ප්‍රථිවිය වටා භරමණය වන බවට සඳහන්.
PT5 ග්‍රහකය තමයි මෙලෙස අප වටා තවත් සඳක් මෙන් දිස් වෙමින් භ්‍රමණයවන බවට නාසා ආයතනය ප්‍රකාශ කරන්නේ.
2024 PT5 ග්‍රහකය අගෝස්තු 7 වන දින නිරීක්ෂණය කරන ලද්දේ නාසා ආයතනයේ අරමුදල් සහිත ග්‍රහක බලපෑම් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් වන Asteroid Terrestrial-Impact Last Alert System (ATLAS) භාවිතා කරමින් බවටයි එන්.ඩී.ටී.වී වාර්තා කර තිබෙන්නේ.
පෘථිවිය වටා දින 53 ක කාලයක් මෙලෙස රැඳී තිබෙන අතර ඇමරිකානු තාරකා විද්‍යා සංගමයේ පර්යේෂණ සටහන් වල ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව, ග්‍රහකය ඉතා විශාල නොවන අතර විෂ්කම්භය මීටර් 10 (අඩි 33) ක් බවට සඳහන්.
Carlos de la Fuente Marcos සහ Raul de la Fuente Marcos විසින් රචනා කරන ලද RNAAS වාර්තාව පවසන්නේ පෘථිවියට ග්‍රහක අල්ලාගෙන ඒවා තම කක්ෂයට ඇද ගැනීමේ ප්‍රවණතාවක් ඇති බවටයි.මේ ග්‍රාහකය සැප්තැම්බර් 29 සිට නොවැම්බර් 25 දක්වා පෘථිවිය වටා කක්ෂගත වනු ඇත.
( NDTV ඇසුරෙන් )