කොළඹ වරාය නගර (Port City) පරිශ්රයේ ඉදිකෙරුණු පළමු Downtown Duty-Free සාප්පු සංකීර්ණය පසුගිය දා විවෘත වුණා.
විදෙස් සංචාරයක නිරත වන යම් අයෙකු තීරු බදු රහිත මිල දී ගැනීම් සඳහා සුදුසුකම් ලබන්නේ නම්, ඔහු හෝ ඇය ගුවන් තොටුපළක පිහිටි තීරු බදු රහිත සාප්පුවලින් අදාළ මිල දී ගැනීම් කළ යුතු වුවත්, එම පහසුකම මෙම සාප්පු සංකීර්ණය හරහා ලබා ගැනීමට හැකි වීම මෙහි ඇති සුවිශේෂීත්වක්.
ඒ අනුව මෙහි සාප්පු සවාරියේ යෙදීම සඳහා සුදුසුකම් ලබන පාර්ශව 4ක් පිළිබඳව සඳහන් කර තිබෙනවා.
1. ශ්රී ලංකාවට ආපසු පැමිණෙන ශ්රී ලාංකිකයන් සහ විදේශිකයින්
2. සංචාරකයින්
3. ශ්රී ලංකාවෙන් පිටත් වන ශ්රී ලාංකිකයින් සහ විදේශිකයින්
4. රාජ්ය තාන්ත්රිකයින් හා රාජ්ය තාන්ත්රික සංවිධාන
ඉහත කාණ්ඩවලට අයත් නොවන පුද්ගලයින් හට මෙම සාප්පු සංකීර්ණයට ප්රවේශ වීමේ අවස්ථාව නොලැබෙන බවද සඳහන්.
යම් අයෙකු ශ්රී ලංකාවේ සිට පිටරටකට යන්නේ නම් ඊට පෙර මෙම සාප්පු සංකීර්ණයට පැමිණ භාණ්ඩ මිල දී ගත හැකි අතර අදාළ භාණ්ඩ ගුවන් තොටුපළේ දී ලබා ගත හැකිවනු ඇති.
එසේම ශ්රී ලංකාවට පැමිණෙන යම් අයෙක් වේ නම් ඔහු දිවයිනට පැමිණ දින 4ක් තුළ තමා සුදුසුකම් ලබන තීරු බදු රහිත මිල දී ගැනීමේ වියදම් සීමාව තුළ, මෙම සාප්පු සංකීර්ණයෙන් මිල දී ගැනීම් සිදුකළ හැකි බවයි වාර්තා වන්නේ.