එළඹෙන සැප්තැම්බර් 15 වැනි ඉරුදින පැවැත්වීමට නියමිත 2024 වර්ෂයට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වර අමිත් ජයසුන්දර අද මාධ්‍ය හමුවේ අදහස් පලකලා.
ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මස 15 වැනි දින පෙරවරු 9.30ට ආරම්භ වන අතර එය 10.45 තෙක් පැවැත්වෙනු ඇති.
පළමුව ලැබෙන්නේ පිළිතුරු ලිවීම සඳහා දෙවැනි පත්‍රය බව ද විභාග කොමසාරිස්වරයා පවසනවා.
ඉන් අනතුරුව පෙරවරු 11.15 සිට දහවල් 12.15 තෙක් පළමු පත්‍රයට පිළිතුරු සැපයීමේ අවස්ථාව උදාවනු ඇති.
මෙවර ශිෂ්‍යත්ව විභාගයට 323,879 දෙනෙකු අපේක්ෂකයින් වශයෙන් ඉදිරිපත් ව ඇති අතර එහි සිංහල මාධ්‍යයෙන් අපේක්ෂකයින් 244,092 ක් ද ද්‍රවිඩ මාධ්‍යයෙන් අපේක්ෂකයින් 79,777 ක් ද පෙනී සිටිනවා.
විභාග මධ්‍යස්ථාන 2849 ක දී සහ විභාග මධ්‍යස්ථාන සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 491 ක දායකත්වයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මේ අතර ශිෂ්‍යත්ව විභාගයට සමගාමීව පැවැත්වෙන සියලුම උපකාරක පන්ති, දේශන, සම්මන්ත්රණ හෝ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර බෙදාහැරීමේ කටයුතු කිසිවක් හෙට (11) මධ්‍යම රාත්‍රී 12න් පසුව අවසන් කළ යුතු බවට ද විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.